අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 154 වන ජන්ම සංවාත්සරික ජාතික මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 18, 2018
    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 154 වන ජන්ම සංවත්සරික ජාතික මහෝත්සවය ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ දී පැවැත්විණි. 
    දැහැම් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් අනගාරික ධර්මපාලතුමාගේ ආදර්ශය සමාජගත කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය හා බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
    මෙරට නිදහස, බෞද්ධ අධ්‍යයනය, බෞද්ධ පාසල් හා දහම් පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමේ පුරෝගාමියා වූ ධර්මපාලතුමාගේ ජාතික මෙහෙවර පිළිබදව වර්තමාන දරුවන් දැනුවත් කිරීමේ අභිලාෂයෙන් මෙම උලෙළ සදහා පාසල් සිසුන් විශාල පිරිසක් සහභාගී කරවා ගැනීමට කටයුතු කර  තිබීම ද විශේෂත්වයකි.
    ජනාධිපතිතුමා විසින් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට මල්දමක් පළදවා පූජෝපහාර දැක්වීමෙන් අනතුරුව උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරිණි. 
    ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, අමාත්‍ය ගයන්ත කරුණාතිලක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරුන් ද, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ මහතා ඇතුථ රාජ්‍ය නිලධාරින් ද ඉන්දීය මහකොමසාරිස්වරයා ඇතුථ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya