Print this page

ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ දක්ෂතා ජනපතිගේ ඇගයීමට

සැප්තැම්බර් 14, 2018

ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

එම කී‍්‍රඩිකාවන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන් වෙත සිය සුභාශීංසන පිළිගැන්වී ය.

තරඟාවලියේ දී කැපී පෙනන දස්කම් දක්වමින් ශී‍්‍ර ලංකා මාතෘ භූමියට අත්කර දුන් කීර්තිය පිළිබඳව ද මෙහිදී කී‍්‍රඩිකාවන් වෙත සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ඉදිරි කී‍්‍රඩා කටයුතු සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.

එමෙන්ම එම කටයුතු සඳහා රජයෙන් ලබාදිය හැකි සෑම අනුග‍්‍රහයක්ම ලබාදෙන බවද ප‍්‍රකාශ කළේය.

අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා, කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

මේ අතර 2018 කැරම් ලෝක ශූරතාවලිය හිමිකරගත් ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ කාන්තා අනුශූරතාවය හිමිකරගත් ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු විය.

ඔවුන්ගේ ද දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන් සියලුදෙනා වෙත සිය සුභාශීංසන පිළිගැන් වූ අතර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේ ය.