නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර, නිවිතිගල දෑල මහා විද්‍යාලය දෑල රාජකීය විද්‍යාලය ලෙස නම් කිරීම සහ නව ඉදිකිරීම් සිසු අයිතියට

    සැප්තැම්බර් 09, 2018

    රත්නපුර, නිවිතිගල දෑල මහා විද්‍යාලය දෑල රාජකීය විද්‍යාලය ලෙස නම් කිරීම සහ ගෘහස්ථ කී‍්‍රඩාංගණය, විද්‍යාගාරය, ඇතුළු සංවර්ධන කටයුතු සිසු අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්   (08) දින පෙරවරුවේ සිදුවිය.

    සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හා “ළගම පාසල හොඳම පාසල” ව්‍යපෘතිය යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කර තිබෙන අතර අභිනවයෙන් ඉදිකළ ගෘහස්ථ කී‍්‍රඩාංගණය සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 04 කි. නව විද්‍යාගාරය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 50 ක මුදලක් වැය කර තිබේ.

    1933 වර්ෂයේ ආරම්භ කර ඇති මෙම පාසලේ වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 614 කි.

    අද පෙරවරුවේ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබූහ.

    සමරු ඵලකය නිරාවණය කර නව ගෘහස්ථ කී‍්‍රඩාංගණය සහ විද්‍යාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වෙමින් සිසු දරුවන්ගේ තොරතුරු විමසා බැලීය.

    සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, දුනේෂ් ගන්කන්ද, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. ඒ. විජේතුංග, නිවිතිගල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක මියුරු භාෂිත ලියනගේ, හිටපු ආණ්ඩුකාර ඩික්සන් දෑල බණ්ඩාර යන මහත්වරුන් සහ පළාතේ මහජන නියෝජිතයින් රැසක් ද, රත්නපුර දිස්ති‍්‍රක් ලේකම් මාලනි ලොකුපෝතාගම, මහත්මිය ඇතුළු නිලධාරින්ද විදුහල්පති, සරත් කුමාරගේ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya