ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ දිළිඳුකම පිටුදැකීම සඳහා කි‍්‍රයාත්මක සමෘද්ධි සහනාධාර වැඩසටහන යටතේ තවත් පවුල් ලක්ෂ එක හමාරකට අලුතින් සමෘද්ධිය ලබාදීමේ සමාරම්භක අවස්ථාවට පොළාන්නරුව රාජකීය විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේ දි එක් වෙමිනි.
විවිධ හේතුන් මත මෙතෙක් සමෘද්ධි සහනාධාරය නොලැබුණු එහෙත් ඒ සඳහා සුදුසුකම් ලබා ඇති තවත් පවුල් ලක්ෂ එක හමාරකට මෙම වැඩසටහන යටතේ සමෘද්ධි ප‍්‍රතිලාභ හිමි වෙයි. සුරක්ෂිත ශ‍්‍රී ලංකාවක් – සවිමත් ප‍්‍රජාවක් වසර 2030 වන විට දිළිඳුබවින් තොරවූ ශ‍්‍රී ලංකාවත් උදෙසා සමාජ සවිබල ගැන්වීම තේමාව යටතේ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අඩුආදායම්ලාභී පවුල් සඳහා මෙවන් සහනාධාරයක් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටු වනවා සේම සදාකාලික යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වශක්තියෙන් නැගිසිටීම ඔවුන්ගේ අධිෂ්ඨානය විය යුතු බවයි. ඒ සඳහා අත්වැල සැපයීමට රජය විවිධ ණය යෝජනා ක‍්‍රම ඇතුළු වැඩසටහන් රැුසක් කි‍්‍රයාවට නංවා තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා යමෙකු ස්වශක්තියෙන් නැගිසිටීමට කටයුතු කිරීම තුළ ඔහු මෙන්ම රටත් දියුණුව කරා ගමන් කරන බව ද කියා සිටියේය.
රටේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ අද රටේ සංවර්ධනයේ දී මූල්‍ය වශයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවයි. රජය ඉකුත් වසර තුන හමාරේදී දිනාගත් සුවිශේෂී ජාත්‍යන්තර සහයෝගය තුළ රටේ සංවර්ධන වැඩපිළිවෙළට අද ජාත්‍යන්තරයේ සියලුදෙනාගේ අනුග‍්‍රහය ලැබී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකාවට ණය ප‍්‍රදානයන් ලබාදෙන ජාත්‍යන්තර ආයතන කිහිපයක් සමග තමා පසුගියදා පැවැත්වූ සාකච්ඡුාවේදී ද ඉදිරියේ දී එම සියලු සහනයන් තවදුරටත් ඉහළ නැංවීමට ඔවුන් එක`ගතාවය පළ කළ බව කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලන ක්ෂේත‍්‍රයේ මෙන්ම රාජ්‍ය සේවයේ සියලුදෙනා ද තමන්ගේ වගකීම් සහ යුතුකම් නිසිලෙස ඉටුකරන්නේ නම් මේ රටේ දියුණුව කරා ගෙනයාමට කිසිදු අපහසුතාවයක් නොමැති බවයි.
ජනතාවගේ දුගී බව තුරන් කරමින් රට සංවර්ධනය කරා ගෙනයාමට දේශපාලන බේදයෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
මෙම වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ අඩුආදායම්ලාභී පවුල් 3800 කට අලුතින් සමෘද්ධි සහනාධාරය හිමිවන අතර සියලු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන අන්දමින් 21 දෙනෙකු වෙත හිමිකම් පත් ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන්, නියෝජය අමාත්‍ය රංජන් රාමනායක, අමාත්‍යාංශයේ ලේකම් ශිරානි වීරකොන්, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් එස්.පී. අබේවර්ධන. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් නිමල් කොටවලගෙදර යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මීට එක්ව සිටියහ.