නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇගයුම් පිළිබඳ ප්‍රථම ගෝලීය සමුළුව " Evalcolombo 2018" සැප්තැම්බර් 17 සිට 19 දක්වා

    සැප්තැම්බර් 07, 2018

    ඇගයුම් පිළිබඳ ප්‍රථම ගෝලීය සමුළුව " EvalColombo 2018" යන මැයෙන් 2018 සැප්තැම්බර් 17 සිට 19 වැනි දිනය දක්වා කොළඔ හිල්ටන් හෝටලයේ දි හා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ දි පැවැත්විමට කටයුතු යොදා ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද (07) පාර්ලිමේන්තු සංකිර්ණයේ දි පැවැති මාධ්‍ය සාකච්ඡාවක දි පැවසිය.

    රටවල් රැසක නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියයකට අධික සංඛ්‍යාවක් සහභාගි විමට නියමිත මෙම සමුළුව මඟින් එක් එක් රටවල අත්දැකිම් හුවමාරු කර ගැනිම සිදු වන බව නියෝජ්‍ය කතානායකවරයා
    පැවසිය.

    මහජන මුදල් අවභාවිතයක් නොවී හැම සතයක්ම වටිනාකමක් ලබාදිමේ වැඩපිළිවෙලක් අරමුණ වේ. මේ අවස්ථාවට එක් වු පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා පැවසුවේ, පාර්ලිමේන්තුවේදි මුදල් වෙන් කරන්නේ කොහොමද ? වෙන්කරන මුදල් පාවිච්චි කරන්නේ කොහොමද? යන්න මෙමහින් සොයා බැලිය හැකි හැකියි. මෙම ඇගයිම නිසා අමාත්‍යවරයකුට තමන්ට කැමති ආකාරයට මුදල් පාවිචිච් කරන්න නොහැකියි. ඒනිසා පොදු ජනතාවගේ මුදල් ආරක්ෂා වෙනවා. අපි විවෘතව විරුද්ධ පක්ෂයේ මන්ත්‍රිවරුන්ට ආරාධනා කරනවා, පක්ෂ ,පාට,ආගම් භේදයකින් තොරව මෙම සමුළුවට සහභාගි වෙලා අපිට සහයෝගය දක්වන්න කියලා.


    මේ අවස්ථාවට අදහස් දැක්වු කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තුසිතා විජේමාන්න මහත්මිය පැවසුවේ, මේක අලුත් අත්දැකිමක්.අන්තර් පාර්ලිමේන්තු සංගමයේ විදියට මෙය නිර්මාණය කළේ අපි විපක්ෂයේ ඉන්න කාලේ.දැන් මෙකේ සභාපති මහා මාර්ග හා මාර්ග සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතා. අද වන විට මෙය ඉදිරියට ඇවිත් තියෙනවා. පළාත් පාලන මැතිවරණයේ දි  කාන්තාවන් ඉදිරියට ඇවිත් තියෙනවා.කාන්තා බහුතරයක් රටේ ජිවත් වෙන නිසා මෙයට කාන්තා නියෝජනයක් වනවා නම් එය ඉතා වැදගත්. ඇගයුම යනු අනාගතය සඳහා වු සැලසුම් ශක්තිමත් සාක්ෂි මත පදනම්ව, අදාළතාව, කාර්යක්ෂමතා,සඵලතාව,බලපැම සහ තිරසාර බව ආදි නිර්නායක යොදාගෙන, නොනැවති සිදුවන ප්‍රතිපත්ති හෝ වැඩසටහන් සැලසුම් සහ අභිවෘද්ධිය පිළිබඳ චක්‍රය ක්‍රමානුකුලව තක්සේරු කිරිමයි.

    මෙම සමුළුවේදි ශ්‍රි ලංකාවේ ජාතික ඇගැයුම් ප්‍රතිපත්තිය දියත් කිරිම මෙරට ඇගැයුම් පිළිබඳ ඉතිහාසයේ ප්‍රධාන සන්ධිස්ථානයක් වේ.දකුණු ආසියාවේ කලාපයේ මෙවන් ප්‍රතිපත්තියක් දියත් කළ ප්‍රථම රට වේ.වර්තමානයේ මෙවන් ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරිම සඳහා වන උපායමාර්ල සැකිල්ලක් වැඩිදියුණු කිරිම පිණිස ව්‍යාපෘති කළමණාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි. ඇගයුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ඇති රටවල් කීපයක් අතරට මේ සමඟ ශ්‍රී ලංකාව ඇතුළත් වන අතර, දකුණු ආසියානු කලාපයේ එවන් ප්‍රතිපත්තියක් දියත් කළ ප්‍රථම රට බවට ද ශ්‍රී ලංකාව පත් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya