නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් හා ප්‍රාදේශීය රෝහල් සංවර්ධනයට සැළසුම්

    සැප්තැම්බර් 07, 2018

    දිවයින පුරා පළාත් හා ප්‍රාදේශීය රෝහල් සංවර්ධනයට සැළසුම් කර ඇති බවත් එම රෝහල් වල‍ට අවශ්‍ය ගිලන් රථ 650ක් ලබන වසරේදී ලබාදෙන බවත් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (07) ප්‍රකාශ කළේය.

    මධ්‍යම රජයේ රෝහල් වලට රජය සියලු පහසුකම් ලබාදී ඇතත් පළාත් රෝහල්වල අඩුපාඩුකම් පවතින බව සදහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතා‍නගේ මහතා මතුකරන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    2016 වසරේදි රජය පළාත් රෝහල් සඳහා රුපියල් බිලියන තුනක්ද , 2017 වසරේදී රුපියල් බිලියන පහක්ද , වෙන්කළ බව පැවසූ අමාත්‍යවරයා, පළාත් අමාත්‍යාංශය ලබාදී ඇති සියළු අඩුපාඩුකම් සඳහා මේ වනවිට විසඳුම් ලබාදෙමින් පවතින බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya