මෙහිදී රාජ්‍ය ආයතන 40ක් සඳහා රන් කුසළාන ද ආයතන 21ක් සඳහා රිදී කුසළාන ද ආයතන 40 ක් සඳහා කුසළතා සහතික ද වශයෙන් රාජ්‍ය ආයතන 101ක් ඇගයීමට ලක් කෙරිණි. 2016 මුදල් වර්ෂයට අදාළව පාර්ලිමේන්තුවේ පරිගණක ජාලගත පද්ධති මඟින් දිවයිනපුරා විසිරී තිබෙන සියලු රජ්‍ය ආයතන 837කින් ලබාගත් තොරතුරු ඇසුරින් මෙම ඇගයීම සිදු කරන ලදී.
අතිගරු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් සම්මාන ප්‍රදානය කිරීම සිදු විය.
මේ අවස්ථවට කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රධාන මැති ඇමැතිවරු ඇතුළු ජනතා නියෝජිතයින්, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක,විගණන කොමිෂන් සභාවේ සභාපති,විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, රජයේ උසස් නිළධාරීන්, සම්මානයට පාත්‍ර වූ රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගී විය.
ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා