නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරුණු ඉදිරිපත් කළේ,උද්ඝෝෂණය නැවැත්වීමට නොවේ

    සැප්තැම්බර් 04, 2018

    පොදු විපක්ෂයේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේ,උද්ඝෝෂණය නැවැත්වීමට නොවන බවත් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ය

    පොදු විපක්ෂය විසින් සැප්තැම්බර් 05 දින කොළඹදී පැවැත්වීමට යන විරොධතාවය සම්බන්ධයෙන් පොලීසිය  ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කළ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ  මහතා, මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මෙසේ පැවසී ය.

     

    අඳහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා-'' අපි යම් යම් කරුණු ඉදිරිපත් කළා.එම කරුණු  ඉදිරිපත් කළේ, උද්ඝෝෂණය නැවැත්වීමට නොවේ.යම් යම් ස්ථානවල ප්‍රශ්නගත තත්ත්වයක් ඇති වුනොත්
    එවැනි අවස්ථවක ස්ථානවල තත්ත්වය පාලනය කරගනීමටයි නියෝග ඉල්ලා සිටියේ. පොලිස් ආඥා පනතේ,අපරාධ නඩු විධාන සංග්‍රහයේ සහ මංමාවත් පනතේ තිබෙන විධි විධන අනුව කටයුතු  කරන්න කියා තිබෙනවා.පාර්ලිමේතුව නීති මඟින් මේ බලතල ලබා දී තිබෙන්නේ. නීතිය මහජන යහපත සඳහා  ක්‍රියාත්මක කරනවා යැයි ද අජිත් රෝහණ මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya