ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කර ගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ට ප‍්‍රමුඛ වගකීමක් පැවරෙන බවයි.
අමාත්‍යාංශ මට්ටමින් කි‍්‍රයාත්මක සංවර්ධන වැඩසටහන්වල ප‍්‍රගතිය සමාලෝචනයට ලක් කිරීම ද මෙහිදී සිදුවිය.
රාජ්‍ය ආදායම් ප‍්‍රවර්ධනය සඳහා නව යෝජනා, නව ආදායම් මාර්ග නිර්මාණය, ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය සහ රාජ්‍ය ආයතවල වියදම් කළමනාකරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් වූහ.
එමෙන්ම ජනාධිපතිතුමාගේ නිල සංචාරවලදී ඇතිකරගනු ලබන ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ගිවිසුම් ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම සහ සමාලෝචනය වෙනුවෙන් සෑම අමාත්‍යාංශයකම අතිරේක ලේකම්වරයෙකු පත් කිරීමට කටයුතු කර තිබෙන අතර එහි ප‍්‍රගතිය ද විමසා බැලිනි.
අමාත්‍යාංශ විසින් විධිමත් මහජන සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා මහජන ඉල්ලීම් සහ දුක්ගැනවිලි සඳහා ප‍්‍රමුඛත්වයක් ලබාදීමේ වැදගත්කම ද අවධාරණය කළ අතර සෑම බදාදා දිනකම අනිවාර්යයෙන්ම අමාත්‍යාංශ නිලධාරින් මහජනතාව හමුවීම සඳහා කාර්යාලය තුළ රැදී සිටිය යුතු බවට ද උපදෙස් දුන්නේය.
එමෙන්ම සෑම අමාත්‍යාංශයක් විසින්ම වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් අමාත්‍යාංශයේ කාර්යභාරය, කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ඒවායේ ප‍්‍රගතිය පිළිබඳ නිරන්තරයෙන් තොරතුරු යාවත්කාලීන කරමින් මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.
රජයේ ප‍්‍රමුඛ සංවර්ධන වැඩසටහන් වන ග‍්‍රාමශක්ති, ගම්පෙරළිය, එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන, ජාතික රුක් රෝපණ වැඩසටහන ආදි සංවර්ධන ව්‍යාපෘති සඳහා අමාත්‍යාංශවල දායකත්වය ද මෙහිදී සමලෝචනයට ලක්විය.
එමෙන්ම ජනතාවගේ ජීවන වියදම් අඩු කරමින් ජනතාවට සහන සැළසීම සඳහා ගෙනයන වැඩපිළිවෙලේදී විධිමත් සහ කඩිනම් තීන්දු තීරණ ගනිමින් ජනතාවට සහන සළසාදීම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීම බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මීට එක්ව සිටියහ.