ඊයේ පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත ප්‍රථම පූජෝපහාරය ද සිදු කළේය.
ඉන් අනතුරුව පැවති උත්සව සභාවේදී විහාරාධිපති පූජ්‍ය හිගුල්වෙල ඥානාලෝක නායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.
ජනාධිපතිතුමා විසින් ද උන්වහන්සේ වෙත සමරු තිළියක් පිළිගන්වනු ලැබීය.
අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ නිර්මාණ කටයුතු සදහා දායකවූවන්ට තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )