ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කරන එල්ලංගා පද්ධති ව්‍යාපෘතිය යනු, වියළි කලාපය තුළ මේ වන විට අකී‍්‍රය වී ඇති එල්ලංගා වැව් පද්ධතින් නැවත ප‍්‍රතිසංස්කරණය කර එම ප‍්‍රදේශවල ජනතාවට වාරි ජලය සැපයීම වෙනුවෙන් ඇරඹු ව්‍යාපෘතියකි.
ශ‍්‍රී ලංකාව සතු ගම කේන්ද්‍රකරගත් වාරි තාක්ෂණය හෙවත් එල්ලංගා ගම්මාන ක‍්‍රමවේදය එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය මගින් ද ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර ශ‍්‍රී ලංකාවට අනන්‍ය වූ මෙම සම්ප‍්‍රදායික කෘෂි තාක්ෂණික ක‍්‍රමවේදය මගින් මෙරට කෘෂිකර්මාන්තයේ සහ කෘෂි ආර්ථිකයේ පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ව්‍යාපෘතිය කි‍්‍රයාවට නංවා තිබේ.
මේ යටතේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පමණක් වැව් 300 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර පොල්පිතිගම කුඹුකුලාව වැවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමත් සමග එම කටයුතු ආරම්භ කෙරේ.
මේ අතර වයඹ පළාතේ උතුරු කොටස වෙත මහවැලි ජලය හැරවීමේ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර කි‍්‍රයාවට නැංවීම ද හෙට ජනාධිපතිතුමා අතින් සිදු කෙරෙයි. එක්දහස් නවසිය හැටේ දශකයේ මහවැලි ව්‍යාපෘතියේ ආරම්භයේ සිටම වයඹ ගොවි ජනතාවගේ මෙන්ම දේශපාලන අධිකාරියේ ද ඉල්ලීමක් වූ “මහවැලි ජලය වයඹට” යන්න යථාර්ථයක් බවට පත් කරමින් ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීම යටතේ මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙස 2016 වසරේ දී වයඹ ඇළ ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවිණි.
වයඹ පළාතේ ගොවි ජනතාවට වසර ගණනාවක සිට යල – මහ කන්න දෙක අස්වැද්දීමට අවශ්‍ය ජලය නොමැතිවීමේ ගැටලුවට මෙන්ම පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට නොහැකිවීම නිසා එම ප‍්‍රදේශවල ජනතාව වකුගඩු රෝගයට ගොදුරුවීමේ ගැටලුවට ද මෙමගින් ස්ථීර විසඳුම් හිමිවන අතර ව්‍යාපෘතිය නිමවීමෙන් පසුව මහවැලි ජලය අක්කර අඩි 105,000 ක් පමණ වාර්ෂිකව කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පොල්පිතිගම, ඇහැටුවැව, ගල්ගමුව, මහව හා අඹන්පොළ යන ප‍්‍රදේශවලට ලබාදීමට හැකියාව ලැබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 16,000 ක් පමණ ඇස්තමේන්තු කර ඇති අතර 2024 දී ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය. වගාබිම් හෙක්ටයාර් 12,500 ක් සංවර්ධනය කරමින් ගොවි පවුල් 13,500 ක් සඳහා අවශ්‍ය වාරි ජලය සැපයීම මෙමගින් සිදුවන අතර ව්‍යාපෘතිය මගින් පානීය ජලය ඇතුළු විවිධ අයුරින් ප‍්‍රතිලාභ ලබන මුළු පවුල් සංඛ්‍යාව 40,000 ක් පමණ වේ.
වයඹ ඇළ ව්‍යාපෘතිය මගින් මධ්‍යම පළාතේ මාතලේ දිස්ති‍්‍රක්කයේ ගලේවෙල, වෑමැඩිල්ල සහ දේවහුව යන ප‍්‍රධාන ජලාශවල වාරි ජල අවශ්‍යතාව සුරක්ෂිත කිරීම මෙන්ම වයඹ හා මධ්‍යම පළාත්වලට අයත් මී ඔය, හක්වටුනා ඔය හා කලාඔය ද්‍රෝණිවල පිහිටි කුඩා වැව් 315 ක් හා ප‍්‍රධාන වැව් 08 ක් ද, මහවැලි ජලයෙන් පෝෂණය කෙරේ. ඒ සඳහා ඉදිකරනු ලබන ප‍්‍රධාන ඇළ පද්ධතිය දිගින් කි.මි 92 ක් වන අතර ලෙනදොර දඹුලු ඔයෙන් හරවනු ලබන මහවැලි ජලය එහි සිට වෑමැඩිල්ල වම් ඉවුරු ඇළ දක්වා ද අනතුරුව මහකිතුල හා මහකිරිඋල ජලාශයන් දක්වා ප‍්‍රධාන ඇළ මාර්ගවලින් ගෙන යනු ලැබේ.
ඉන්පසු එම ජලය, ප‍්‍රධාන ඇළවල් දෙකක් මඟින් එනම් මහකිරිඋල ජලාශයෙන් ඇහැටුවැව ප‍්‍රදේශයේ කදුරුවැව දක්වා කි.මි 21 කින් ද, මහකිතුල ජලාශයෙන් මැඩියාව මහ වැව දක්වා කි.මි 20 කින් ද, යුක්ත වූ ඇළ පද්ධතියක් මගින් අපේක්ෂිත පෝෂිත ප‍්‍රදේශවලට සැපැයේ. මෙයට අමතරව මැඩියාව ඇළ මාර්ගයේ සිට කි.මි 10 ක් දිග යාපහුව ඇළ මාර්ගය මඟින් මෙතෙක් ජල හිඟයෙන් පීඩා විදි යාපහුව ප‍්‍රදේශයේ ගොවිබිම් හෙක්ටයාර් 1000 කට පමණ ජලය සැපයේ. මෙම වාරි ජලය ලැබීමෙන් පසුව එකී ප‍්‍රදේශයන්හි ගොවිබිම් සඳහා යල මහ දෙකන්නයේම වගා කිරීමට හැකියාව ලැබෙන අතර ප‍්‍රදේශවාසී ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට ද ඉන් මනා පිට්වහලක් ලැබෙනු ඇත.
PMD