නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත විවාදයට එක්වෙමිනි.
මෙහිදී අඳහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,මේ අවස්ථාව සුවිශේෂ අවස්ථාවක්. නිදහස් චතුරස්‍රයේ දී අමරදේව ශූරීන්ගේ ආදාහන උත්සවයේ දී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා, වෙනම කේන්ද්‍රයක් ස්ථාපිත කරලා, පාර්ලිමේන්තුවට පනතක් ගෙනැල්ලා, එතුමා ලෝකයට කළ යුතුකම, වගකීම අනාගත පරපුරට ලබාදීමට කටයුතු කරනවා කියලා.ඒ පොරොඳුව පොරොන්දුව මේ ඉටු වෙමින් පවතින්නේ.
අයවැයෙන් ලක්ෂ 2500ක් වෙන් කරලා, අමරදේව කේන්ද්‍රය ලබන ජනවරි මාසයේ නිම කිරීමේ ඉලක්කයක් ඇතිව ඉදිවෙමින් පවතිනවා.යම් අධිකාරියක් නීතිමය බලයක් ලබාදීමට නීතිමය කෙටුම්පත සම්මත කරගන්නේ.ගොඩනැගිල්ල තුළ පුස්තකාලයක් තිබෙනවා. ජාත්‍යන්තර සංගීතය පිළිබඳ විශිෂ්ඨ ග්‍රන්ථ තිබෙනවා. ශ්‍රව්‍ය දෘෂ්‍ය සංරක්ෂණාගාරයක් තිබෙනවා. සම්මන්ත්‍රණශාලාවක් තිබෙනවා.ශබ්දාගාරයක් තිබෙනවා. මෙවැනි සැලසුමක් අනුවයි මෙම ගොඩනැගිල්ල ඉදිවෙමින් පවතින්නේ යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.