ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් දේශපාලන හේතුන් හෝ දේශපාලඥයින්ට සම්බන්ධකම් ඇති බවට හඳුනාගෙන නැත.අපරධ මැඩපැවැත්වීම සඳහා යාපන අර්ධද්වීපය තුළ අමතර පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර යතුරු පැදි මඟින් ජංගම පොලිස් සංචාරක සේවා යොදවා ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවනන්ද මහතා විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ''ආවා'' කණ්ඩායම විසින් සිදු කළ ප්‍රචණ්ඩකාරි ක්‍රියා හේතුවෙන් සැකකරුවන් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.