අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ,අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේ දී අඳහස් දක්වමිනි.
අපේ රටේ අප්‍රමාණ වටිනා නිර්මාණකරුවෙක් මෑතක දී අපි අතරින් වියෝ වුණා. ඩබ්ලිව්.ඩී අමරදේව මහතා අපි සියලු දෙනාම දන්නවා. එතුමාගේ නිර්මාණ දිඟු කලක් මේ සමාජයේ තිබෙනවා. නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ අනන්‍යතාවක් සහිත නිර්මාණයක් පිළිබඳ විවිධ උත්සාහයන් ගත් කලාකරුවන් සිටියා. ඒ අතර ඩබ්ලිව්.ඩී අමරදේව මහතා කැපී පෙනෙන කාර්යයක් තමන්ගේ හැකියාවන් තුළින් අපේ රටට ලබාදුන්නා. උත්තර භාරතීය සංගීතයේ ප්‍රවීණයෙන් ලෙස මතුවී ලංකාවේ ජන සංගීතයන් හොඳින් හදාරලා නව සංගීත නිර්මාණ රැසක් සමාජ ගතකළා. වයලින් වාදකයෙක් විදියට පටන්ගෙන ලංකාවේ සම්භාව්‍ය ගායකයෙක් මෙන්ම තනු කිර්මාණකරුවෙක් ලෙස ජනාදරයට පාත්රවුණා.
එතුමාගේ නමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පිහිටුවන අමරදේව සෞන්දර්යය හා පර්යේෂණ කේන්ද්‍රය ඇතිකර ගැනීමට අවශ්‍ය ආයතන ව්‍යුහය මේ පනත් කෙටුම්පත තුළ සදහන්කර තිබෙනවා. මේ තුළින් අපේක්ෂා කරන්නේ ඩබ්ලිව්.ඩී අමරදේව මහතාගේ සියලු දේවල් සහ ජීවිතයට අදාළ සියල්ල එක්රැස් කරමින් , සුරක්ෂිත කරමින් අනාගත පරපුරට ඒවා අධ්‍යයනය කරන්න වගේම නව නිර්මාණ නිර්මාණය කරගැනීමේ ආයතනයක් බිහිකර ගැනීමයි. මේ තුළ සංගීත පර්යේෂණ විද්‍යාගාරයක්, ලේඛනාගාරයක්, කෞතුකාගාරයක් ඇතිකරන්න දැන් කටයුතු කරමින් ඉන්නවා. මෙවැනි ආයතන ලෝකයේ සිටි ප්‍රතිභාපූර්ණ කලාකරුවන් වෙනුවෙන් පිහිටුවා තිබෙනවා. ඉන්දියාවේ ශාන්ති නිකේතන් වැනි අධ්‍යයන ආයතන වගේම උසස් තත්ත්වයේ සෞන්දර්යය කේන්ද්‍රයක් මේ තුළින් නිර්මාණය කිරීම අපේ අමාත්‍යාංශයේ අරමුණයි.
අපි රජයක් ලෙස කලාකරුවන්ගේ නිර්මාණශීලි නිදහස ආරක්ෂා කරන්න පියවර ගෙන තිබෙනවා. 2015 නව රජය පිහිටුවන විට මේ රටේ කලාකරුවන්, නිදහස් පුරවැසියන් වගේම සිවිල් සමාජය විශාල අර්බුදවලට ලක්ව සිටියා. ඔවුන් වෙත විශාල භීෂණයක් මුදාහැර නිර්මාණ බිහිකිරීමේ නිදහස දැඩිලෙස අහුරා සිටියා. කලාකරුවන් එක්ව අලුත් පරපුර නමින් ගමින් ගමට යමින් ජනතාව වෙත තමන්ගේ විරෝධතාවන් දක්වමින් සිටිය දී පසුගිය රජය මැරයන් දමා ඔවුන්ට පහර දුන්නා. මේ අය අතර ලංකාවේ ප්‍රවීන සංගීතඥයන්, නළු නිළියන් වගේම අධ්යක්ෂවරුන්, රචකයන් ඇතුළු කලාකරුවන් රැසක් සිටියා. එදා ඒ අයට පහරදෙන විට නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසිය ඉදිරිපත් වුණේ නැහැ. රටේ තිබුණේ ප්‍රාදේශීය මැරයන්ගේ පාලනයක් බව අද අපිට අමතක නැහැ. ඒ කලාකරුවන් වගේම සිවිල් සමාජය එක්ට එක්ව රටේ ඇතිවෙමින් තිබූ ඒ මැර පාලනයට විරුද්ධව ප්රජාතන්ත්රවාදී විදියට කටයුතු කළා. දැන් කලාකරුවන්ට, දැන් කලාකරුවන්ට, නිර්මාණකරුවන්ට රටතුළ විශාල නිදහසක් හිමිව තිබෙනවා. ඔවුන්ට භීෂණයට, මර්දනයට යටව ඉන්න තත්ත්වය නැතිව රටේ නීතිරීති පද්ධතිය තුළ තම නිර්මාණ ඉදිරිපත් කරන්න අවශ්‍ය පරිසරය නිර්මාණය වී තිබෙනවා.
මෑතදී කලාකරුවන් අපිට කියාසිටියා ඔවුන්ගේ නිර්මාණය වෙනුවෙන් ලැබෙන ආදායමට බදු ගෙවීමේ දී අපහසුතාවන් ඇතිව තිබෙනවා කියා. අප්‍රේල් මාසයේ පළමුවැනිදා සිට නව ආදායම් බදු පනත ක්‍රියාත්මක කළා. ඒ තුළ සුළු අඩුපාඩු තිබුණත් අපි ඒවා පෙන්වා දුන්නා. කලාකරුවන් වෙනුවෙන් අපි සංවේදීව කටයුතු කර තිබෙනවා. නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මක කරන විට නිර්මාණකරුවන් වෙත ලැබෙන ආදායමින් ලබාගන්නා බද්ධ කලින් තිබුණාට වඩා සියයට 4කින් වැඩිව තිබුණා. අපි ඒ සම්බන්ධයෙන් ඉක්මන් සහනයක් දෙන්න කටයුතු කළා. ඒ වගේම ටෙලිනාට්‍ය විකාශනය කිරීමේ දී සිදුකරන බදු ගෙවීම් සම්බන්ධයෙන් යම් අපහසුවක් ඇතිබව කලාකරුවන් පිරිසක් අපි සමඟ කතා කළා. අපි ඔවුන් වෙනුවෙන් විශාල බදු නිදහස් ලබාදෙන්න ක්‍රියාකළා.
මේ හැමදෙයින්ම අපේක්ෂා කරන්නේ නිර්මාණශීලී කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ රසවිඳින ජනතාවට වඩා උසස් කලාත්මක, සෞන්දර්යාත්මක පරිසරයක් උදාකර දීමයි. කලාකරුවන්ට සහ ගත්කතුවරුන්ට අයකරන අයකරන බදු ගැන කියන්න ඕන. විශේෂයෙන්ම ජනපති, අගමැති උපදෙස් අනුව මසකට රුපියල් 5000 ට වැඩි ආදායමක් ඉපයූ කලාකරුවන්ගෙන් හා ගත්කතුවරුන්ගෙන් පසුගිය රජය අයකළ සියයට 10ක ආදායම් බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට 5ක් දක්වා අවම කරන්න පියවර ගෙන තිබෙනවා. රජය ගනුලැබූ නව තීරණයත් සමඟ කලාකරුවන්ට හා ගත්කතුවරුන්ට විශාල සහනයක් හිමිවෙනවා. පසුගිය රජය කාලයේ ගෙවූ බද්ධට වඩා අඩු බද්ධක් ගෙවන්න සිදුවෙන්නේ. මසකට රුපියල් 50000 ට වඩා වැඩි ආදායමක් ඉපයූ අයගෙන් පසුගිය රජය අයකලේ සියයට 10ක ආදායම් බද්දක්. කලාකරුවන්ට, ගත්කතුවරුන්ට සහන දෙන්න පියවර ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. රුපියල් ලක්ෂ පහකට වැඩිනම් පමණක්ක් බද්දක් ගෙවන්න සිදුවෙනවා. රුපියල් ලක්ෂ පහක ආදායමක් නොලැබූ කලාකරුවන්ගෙන් අයකළ බදු යළි ගෙවන්නට දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.
උසස් රස වින්දනයක් සහිත ජනතාවක් සිටින රටක කලාත්මක අතින් උසස් නිර්මාණ සඳහා ඇති ඉල්ලුම ඉහළ යනවා. වත්මන් ප්‍රතිපත්තිය වන්නේ එවැනි උසස් නිර්මාණ දිරිගන්වමින් වඩාත් බුද්ධිමත් සමාජයක් බිහිකර ගැනීමයි. එතුළින් සංස්කෘතික පුරවැසියා බිහිකර ගැනීම හරහා සතුටින් ජීවත්වන මිනිසුන් සිටින උසස් සමාජයක් බිහිවෙනවා. කලාව කියන්නේ නිදහසේ කළයුතු දෙයක්. ඇතැම්විට කලාවෙන් ඇහෙන හැමදෙයක්ම මිහිරි නොවුණත් කලාකරුවාට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපිට පිළිගන්න වෙනවා.ඒ නිසා අපේ සංස්කෘතික ඇමැතිවරයාගෙන් ද ඉල්ලනවා විවිධ රචනා, නාට්‍ය වාරණය කිරීමේ ප්‍රතිපත්තිය නැවත සලකා බලන ලෙස. නිර්මාණ වාරණය කිරීම සම්බන්ධයෙන් මම විශ්වාස කරන්නේ නැහැ. ගුවන් විදුලියේ නාට්‍ය විශාල ලෙස විකෘති කිරීමක් කරන්න ඇතැමුන් උත්සාහ කළා. මේකට විරුද්ධ වුණේ එක් වචනයකටයි. මමත් ඒ සම්බන්ධයෙන් සොයා බැලුවා. බෞද්ධයෙක් ලෙස කිවයුතු කරුණක් ඒ නාට්‍යයෙන් කියන්නේ. ඒ දෙය පෙන්වන්න මේ නාට්‍ය කර තිබෙනවා. අපේ ආණ්ඩුවට මඩ ගසන්න අවශ්‍ය අය මේවා විකෘතිකර මුළු රටේම මතයක් ගොඩනඟන්න යනවා.
අපිට පුළුවන් ඔබ පිස්සෙක් කියා ඔප්පුකර හිරේ දාන්න කියා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍යවරයෙක් කියා තිබෙනවා. කෙසේ වුණත් අපි යම්කිසි දියුණු ක්‍රම වේදයක් සකසා ගන්න ඕන. හිතුමතේ කලාකරුවන්ට සීමා බන්ධන පනවන්න යාමෙන් විශාල අර්බුද ඇතිවන්න පුළුවන්. හැම අරක්කු බෝතලයකටම ස්ටිකර් ක්‍රමය හදුන්වාදීමෙන් අපිට අහිමිවන ආදායම් බද්ද ලබාගන්න හැකිවෙයි හිතනවා. රුපියල් බිලියන 20ක් 25ක් විතර භාණ්ඩාගාරයට එක්කර ගන්න හැකිවෙනවා. මෙතන දී සමාජයට විශාල කරදරයක් වී තිබෙන නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා අලෙවිය හැකිතාක් අවම කර ගන්න අපි උත්සාහ ගන්නවා. බරපතල සෞඛ්‍ය හානි හා සමාජ ප්‍රශ්න ඇතිකරන නීති විරෝධී මත්පැන් ජනතාව අතරට යාම නතර කිරීම අපේ වගකීමයි. මේ වනවිට අධි සාන්ද්‍රණ සහිත ඇල්කොහොල් භාවිතය අවම වෙමින් තිබෙනවා. පසුගිය මාස හයේ දී අරක්කු අලෙවිය සියයට 11කින් පමණ පහත වැටී තිබෙනවා. ඒ අනුව බරපතල සෞඛ්‍ය හා සමාජ, ආර්ථික ගැටළු අවම වෙමින් තිබෙනවා. අද ඉදිරිපත් කරන මේ පනත් කෙටුම්පතට සියලු දෙනාගේම අනුමැතිය අවශ්‍ය වෙනවා.