නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරේ

    අගෝස්තු 22, 2018

    ගාල්ල දිස්ත්‍රික් ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (21) දින බද්දේගම මහජන ක්‍රීඩාංගනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    එම අවස්ථාවට ගරුතර මහා සංඝ රත්නය, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය තලතා අතුකෝරළ, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස, තිරසර සංවර්ධන, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, ලක්ෂ්මන් විජේමාන්න, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, හෙක්ටර් අප්පුහාමි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හේෂා විතානගේ යන මහත්ම මහත්මීහු ද, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීහු, ඉඩම් හිමිකම්ලාභීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya