හජ් වන්දනාව ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකේ. ලොව පුරා සිටින මුස්ලිම් බැතිමතුන් තමන් වෙහෙස මහන්සි වී උපයා ගත් මුදලින් කොටසක් වියදම් කර මක්කම නගරයට ගොස් වන්දනාමාන කිරීමෙන් දෙවියන් වහන්සේ කෙරෙහි තිබෙන්නා වූ විශ්වාසය නැවතත් තහවුරු කිරීම ද මෙහි දී සිදු වේ.
සියලූ භේද දුරලා ලොව නන්දෙසින් පැමිණෙන මුස්ලිම් බැතිමතුන් එකට එක්වී සිදු කරන මෙම වන්දනාව ලෝක සාමය වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කරන ජාත්‍යන්තර සමුළුවක් වශයෙන් ද සැලකෙන අතර, මෙමගින් සමානාත්මතාව සහ සහෝදරත්වය පිළිබඳව ලෝකයට දෙන පණිවුඩය ඉතා වැදගත්ය. ඉබ්‍රාහිම් නබිතුමා තම පුතණුවන් වූ ඉස්මායිල් නබිතුමන්ව දෙවියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වීම සැමරීම සඳහාද හජ් උළලේ ප්‍රමුඛ තැනක් ලැබේ.
බැතිමත් මුස්ලිම් ජනතාව තුළ අල්ලාහ් දෙවියන් පිළිබඳ පවතින විශ්වාසය, කැපවීම ශක්තිමත් කරමින්, සහෝදරත්වය සමානාත්මතාව ගොඩනැංවීම උදෙසා පරිත්‍යාගශීලී ජීවිතයකට දිරිගන්වන හජ් උත්සවය සමස්ත ලෝකවාසීන්ට ආදර්ශයකි. ඊදුල් අල්හා උත්සවය සමරන්නට සහෝදරත්වයෙන් අත්වැල් බැඳගත් සියලූ මුස්ලිම් බැතිමතුන්ට සාමය සහ සතුට වේවායි හෘදයාංගම සුභාශිංසන
.
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය
2018 අගෝස්තු 20