අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති මිරිසවැටිය විහාරස්ථානයේ ආගමික වැඩසටහන්වලට සහභාගි වෙයි

    අගෝස්තු 16, 2018

    ආණ්ඩුව බලයට පත්ව වසර 03 ක් සපිරීම නිමිත්තෙන් (14) දින අනුරාධපුර, මිරිසවැටිය විහාරස්ථානයේ දානමය පිංකමක් සහ තවත් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබූ අතර, එම කටයුතුවලින් අනතුරුව මිරිසවැටිය විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මිරිසවැටිය රජමහා විහාරාධිකාරී ඊතනවැටුණු වැවේ ඤාණරතන හිමි ප්‍රධාන මහා සංඝරත්න මුණගැසී ආශීර්වාද ලබාගත්තේය. ‍

     

    මෙම අවස්ථාවට වැල්ලම්පිටිය, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමි, අටමස්ථානාධිපතිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය ද, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලන නියෝජිතයින් ඇතුළු දායක දායිකාවන් පිරිසක් ද සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya