Print this page

දරුවන්ට ශාරීරිකව දඬුවම් ලබාදිය නොහැකියි- ඊට එරෙහිව නීති පවතිනවා

අගෝස්තු 10, 2018

දරුවන්ට ශාරීරිකව දඬුවම් ලබාදීම සිදු කළ නොහැකි බවත් ඊට එරෙහිව නීති පවතින බවත් එය දඬුවම් ලබාදිය හැකි වරදක් බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

පාර්ලිමේන්තුව තුළින් එම නීති ගෙන විත් තිබෙනවා. එය යළිත් තහවුරු කළ යුතුයි. මන්ත්‍රීරෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ගෙනා පාසල් ශිෂ්‍ය විනය කමිටු පරීක්ෂණ විධිමත් පරිදි සිදු කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනාවට සම්පූර්ණ එකඟතාවය පළ කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අඳහස් පළ කළේ,අද (10) පාර්ලිමේන්තුවේ දී ය