Print this page

පාසල් ශිෂ්‍ය විනය කමිටු පරීක්ෂණ විධිමත් පරිදි සිදු කිරීමට මන්ත්‍රී යෝජනාවක්- වේවැලෙන්,කෙවිටෙන් දරුවන්ට උගන්වන්න බෑ

අගෝස්තු 10, 2018

පාසල් ශිෂ්‍ය විනය කමිටු පරීක්ෂණ විධිමත් පරිදි සිදු කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කෙරෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් අද (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කළේ ය.

''සමහර පාසල් තුළ දරුවා යනු කවරෙක් ද කියලා අවබෝධයක් තිබෙනවා ද කියල ගැටළුවක් තිබෙනවා.පාසල්  තිබෙන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබ දී හොඳ පුරවැසියෙක් හදන්නයි. දරුවන් ශාරිරිකව හා මනසිකව ගැටළු  වලට මුහුණ දෙනවා.සමස්ත පාසල් වල විධිමත් ව විනය කමිටු ක්‍රියාත්මක නොවීම ප්‍රශ්නයක්. විධිමත් ලෙස ළමා මනෝ විද්‍යාව ගැන ප්‍රගුණ කළ උපාධිධාරීන් පාසල් වෙත යුමු කළ යුතුයි.උපදේශන  නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජ්‍යේෂ්ඨ ගුරුවරුන්ගෙන් සමන්විත විනය කමිටුවක් සකස් කිරීම වැදගත්.දරුවන්ට නිදහස් ලෙස කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව සළසා දිය යුතුයි'' යැයි ද මන්ත්‍රීවරිය විවාදය ආරම්භ කරමින් ප්‍රකාශ කළාය.