මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා විශේෂ රාජ්‍ය කොමිෂමක්

    අගෝස්තු 09, 2018

    දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමත් සළකා බලමින් සමස්ත රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා විශේෂ රාජ්‍ය කොමිෂමක් පත් කරන්නට එන සතිය වන විට කැබිනට් මණ්ඩලයට පත්‍රිකාව සකස් කරන ලෙස ජනාධිපතිතුමා නියෝග කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.


    දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    දුම්රිය රියදුරන්ට, දුම්රිය සේවකයන්ට පඬි වැඩි කරනවට විරුද්ධ නිසා නොවෙයි විරුද්ධ වුණේ.මෙලෙස පඬි  වැඩි කළා නම් විශාල අර්බුදයකට රට තල්ලු වෙනවා. මේ ඉල්ලන ලද පඬි වැඩි කිරීම ක්‍රියාත්මක කළා නම්, දුම්  රිය රියදුරන්ගේ පඬිය ගොඩාක් දුරට ගුරුවරු, විදුහල්පතිවරු හා වෛද්‍යවරුන්ගේ වැටුපට වඩා වැඩි වෙනවා. රාජ්‍ය සේවයේ විශාල අර්බුදයක් ඇති වෙනවා.ඒ නිසයි ඉල්ලීමක් කළේ.

    දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමත් සළකා බලමින් සමස්ත රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා  විශේෂ රාජ්‍ය කොමිෂමක් පත් කරන්නට එන සතිය වන විට කැබිනට් මණ්ඩලයට පත්‍රිකාව සකස් කරන ලෙස
    ජනාධිපතිතුම නියෝග කළා.

    ඒ ආකාරයට එම කැබිනට් පත්‍රිකාව සකස් කරල, සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව මස  දෙකක් හෝ තුනක් ඇතුළත එම කොමිෂමේ කටයුතු කරන විට තමයි,ඊයේ හදිසියේ ම පිළිගත් සම්ප්‍රදායන්
    නොතකා පූර්ව දැනුම් දීමකින් තොරව දුම් රිය වැඩ වර්ජනයක් ඇති කළේ.

    දුම් රියේ ගෙදර යන්න බලාගෙන සිටිය,මුළු දවසක් මහන්සිවෙලා වැඩ කළ රජයේ හා පෞද්ගලික සේවකයින්ට යන්න පුළුවන්කමක් තිබුණේ නෑ. එය ඉතාම කණගාටුදායක තත්ත්වයක්.රජය වෙනුවෙන් යළි වතාවක්  කණගාටුව ප්‍රකාශ කරනවා. රජයක් හැටියට එම තත්ත්වය එය නොකියා ආරම්භ කළත් එයට විසඳුම් ලබාදීමට ක්ෂණිකව ම ක්‍රිය කළා. හමුදාපතිතුමාට මා ස්තූති කරනවා. එතුමා මේ තත්ත්වය ඇති වූ විගස හමුදවේ බස් විශාල ප්‍රමාණයක් මෙම ස්ථානවලට යැව්වා. වර්ජනය පැවැතෙන තාක් කල් තම දුම් රිය වාර ප්‍රවේශ පත්‍රය බස් වලටත්  පාවිච්චි කරන්න, කියලා දැනුම් දී තිබෙනවා. තවත් අලුත් බස් ලබාදෙන්න අප කටයුතු කරනවා.විශ්‍රාමික එන්ජින් රියදුරන් යළි වතාවක් සේවයට කැඳවා තිබෙනවා. විභාගයට යන දරුවන්ට විශේෂ බස් සේවාවන් නොමිලේ  ලබාදෙන්න කටයුතු කළා.පළාත්වල බස් තියෙනවා නම්, වෙනත් විශේෂ බස් සේවාවට ඇතුළත් වෙන්න කැමැති
    නම් මුදල් අමාත්‍යාංශය මඟින් මුදල් ගෙවනවා, බස් රථය පරට දන්න. මුදල් අමාත්‍යාංශයේ බස් රථය ලියපදිංචි  කරන්න.

    දුම්රිය වැඩ වර්ජනයේ යෙදී සිටින අයගෙන් ආත්මාර්ථකාමී නොවී සමස්ත  රජයේ සේවය ම වැටුප් සංශෝධන සාකච්ඡා කරලා, මාස තුනක් ඇතුළත වාර්තා ඉදිරිපත් කරලා, ඒ අනුව වැටුප්  සංශෝධන කරන තාක් වැඩවර්ජනය නවත්වා සාකච්ඡාවට එන්න කියලා මේ වෙලාවේ ඉල්ලා සිටින්නේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya