නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසදැමුණු වව්නියාව ගුරු අධ්‍යාපන විද්‍යාපීඨයේ සිංහල මාධ්‍ය අංශය නැවත ආරම්භ කිරීමට පියවර

    අගෝස්තු 08, 2018

    යුද්ධය හේතුවෙන් වසදැමුණු වව්නියාව ගුරු අධ්‍යාපන විද්‍යාපීඨයේ සිංහල මාධ්‍ය අංශය නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිටත් තීරණය කොට අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08)  පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    වව්නියාව ගුරු අධ්‍යාපන විද්‍යා පීඨයේ දෙමළ හා සිංහල මාධ්‍ය ගුරුවරු පුහුණු කිරීම සඳහා සිංහල අංශය වසා  දැමීම සම්බන්ධයෙන් පවතින ගැටළුව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා යොමු කළ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමත්‍යවරයා මෙසේ පැවසී ය.

    ඒ සම්බන්ධ ගැසට් නිවේදනය මේ වනවිට සකස් කොට අවසන් බවත් මේ වසර තුළ දීම සිංහල මාධ්‍ය ගුරු  පුහුණුව වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා තමා වෙත වාර්තා කොට
    ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය. 

    අධ්‍යාපන විද්‍යාපීඨය මම ආරම්භ කළේ, සියළු ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කර,ප්‍රශ්නය විසදීමට කටයුතු කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya