නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “දේශීය වෛද්‍ය ක්‍රමය දියුණු කිරීමෙන් සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැකියි

    අගෝස්තු 08, 2018
    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සිවු මහල් ආයුර්වේද ඖෂධ ගබඩා සංකීර්ණය විවෘත කිරිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් මහරගම නාවින්න ප්‍රදේශයේ දී   සිදු කෙරිනි.
    මේ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 176 කි. ආයුර්වේද ඖෂධ සංස්ථාවේ දින 60 පුනරුදය වැඩසටහන යටතේ මෙම ගබඩා සංකීර්ණය විවෘත කිරීම සිදුවිය.
     
    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -
     
    ආයුර්වේද ඖෂධ සංස්ථාව දිනෙන් දින දියුණුවට පත් වෙනවා. ආදායම, ලාභය, නිෂ්පාදනය වැඩි වී තිබෙනවා. නව නිෂ්පාදන වෙළෙදපොලට එකතු කරනවා. දේශීය ඖෂධ වගා කිරිම සදහා ඔසු උයන් ව්‍යාපෘති ආරම්භ කරනවා. ගොවීන් වගා කරන ආයුර්වේද ඖෂධ සාධාරණ මිලකට ලබාගැනීම සදහා මධ්‍යස්ථාන පිහිටුවනවා. අලෙවි ශාඛා පිහිටුවමින් අලෙවි කිරීමේ ජාලය පුළුල් කරනවා. නූතන වෙළෙදපොලට අවශ්‍ය නිෂ්පාදන ඉදිරිපත් කිරිම තමයි ඉතාම වැදගත්. නැතිනම් සිංහල වෛද්‍ය ක්‍රමයේ කසාය තැම්බීම පමණක් සිදු කර වැඩක් නැහැ. නූතන වෛද්‍ය ක්‍රමය සමග දේශීය වෛද්‍ය ක්‍රමය වෙනස් විය යුතුයි.
     
    දේශිය වෛද්‍ය විද්‍යාව ගොඩනැගීම ඉතාම වැදගත්. බටහිර වෛද්‍ය ක්‍රමයට පෙර අපේ සෞඛ්‍ය සේවාව ආරක්ෂා කළේ දේශීය වෛද්‍ය ක්‍රමයයි. දේශීය වෛද්‍ය ක්‍රමයේ අතීතය රාවණා රජු සමය දක්වා දිව යනවා. අග්බෝ රජුගේ කාලයේ අනුරාධපුරයේ පළමු රෝහල ඉදිකර තිබෙනවා. හෙද සේවාව ද ඉතා දියුණු තත්ත්වයක පැවැතුනා. විදේශ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද අද හෙද හෙදියන් ප්‍රමාණවත් තරම් නැහැ. දේශීය වෛද්‍ය ක්‍රමය අභාවයට පත් වූයේ විදේශ ආක්‍රමණ සමගයි. ඒ විවිධ මතවාද නිසා. දේශීය වෛද්‍ය විද්‍යාව යටපත් කළා. එදා ශ්‍රී ලාංකිකයින් අබිං, කංසා වගා කළා. දේශීය ඖෂධයක් ලෙස භාවිතා කළා.
     
    නමුත් විදේශීය ආක්‍රමණ හේතුවෙන් දුම්කොළ වගාව ආරම්භ කිරිම නිසා කංසා තහනම් කළා. ඉන්පසු අපේ ජනතාවත් දුම්බීම ආරම්භ කළා. අපි ශ්‍රි ලාංකිකයින් වුනාට විදේශීය විදිහට හිතන පතන පිරිසක් බවට පත් කළා. දේශීය වෛද්‍ය ක්‍රමය ලොවට දායාද කළ යුතුයි. පැරණි පුස්කොළ පොත් 600 ක් ලබාගෙන සිංහලයට පරිවර්ථනය කර තිබෙනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය ආයුර්වේද ඖෂධ වලින් සියයට 90 ක් තවම ආනයනය කරන්නේ ඉන්දියාවෙන්. ඒ සදහා වාර්ෂිකව ඩොලර් මිලියන 700 ක් පමණ වැය කරනවා. එම නිසා උතුරු මැද පළාත කේන්ද්‍ර කර ගනිමින් ආයුර්වේද ඖෂධ වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බවට මම යෝජනා කරනවා.
     
    පොළොන්නරුව ප්‍රදේශයේ ඒ සදහා අවශ්‍ය ඉඩම් තිබෙනවා. ඖෂධ නිෂ්පාදන ආයුර්වේදය විසින් මිල දී ගන්න පුළුවන්. එවිට වෙළෙදපොල ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකාවට අවශ්‍ය බටහිර ඖෂධ නිෂ්පාදනය කිරිම ද ආරම්භ කර තිබෙනවා. එවිට විදේශීය රටවලින් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවෙන්නේ නැහැ. ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩි කළ යුතුයි. අතිරික්ත ආයුර්වේද ඖෂධ ද පෞද්ගලික අංශයේ නිෂ්පාදනාගාරවලට ලබාදෙන්න පුළුවන්. ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවකයින් කණ්ඩායමක් ලෙස ඉදිරියට ගෙන යනවා. දේශීය වෛද්‍ය ක්‍රමය දියුණු කිරිම තුලින් සංචාරක ක්ෂේත්‍රයත් දියුණු කළ හැකියි. දේශීය ඖෂධ නිෂ්පාදනයේ බාරකරුවා ලෙස ආයුර්වේද ඖෂධ සංස්ථාව පත් කළ යුතුයි.
     
    මෙහිදී ආයුර්වේද ඖෂධ සංස්ථාව නිෂ්පාදනය කරන ලද නව නිෂ්පාදන 07 ක් ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනැමීම ද සිදු විය.
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් බී.ජී.එස් ගුණතිලක මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා, කළමණාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya