පසුගිය ජූලි 23 වනදා කළු ගඟ ජලාශයේ රන් දියවර රැඳවුම් මංගල්‍යයේ දී මෙම විශේෂ ඒකකය කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවට ජනාධිපතිතුමා කළ ප‍්‍රකාශය අනුව මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව 011-2034159 දුරකථන අංකය සහ 011-2879976 ෆැක්ස් අංකය ඔස්සේ මේ පිළිබඳ සාක්ෂි සහිතව තොරතුරු දැනුම් දීමට හැකියාව ලැබෙන අතර අධ්‍යක්ෂ විමර්ශන, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, සොබාදම් පියස, අංක 416/සී/1, රොබට් ගුණවර්ධන මාවත, බත්තරමුල්ල යන ලිපිනයට පැමිණිලි යොමු කළ හැකිය.
රුපියල් කෝටි 23,000 ක වියදමින් කි‍්‍රයාත්මක වන මෙරට දැවැන්තම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් කිසිදු අක‍්‍රමිකතාවයකින් තොරව විධිමත්ව සහ කාර්යක්ෂමව නිමා කර එහි සියලූ ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි.
ජනාධිපති මාධ්‍ය අංශය