නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වාද විවාද- මෙම සතියේ තීරණය දැනුම් දෙනවා- කතානායක

    අගෝස්තු 07, 2018

    විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් අද (7) පර්ලිමේන්තුවේ දී පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු විසින් සිය අඳහස් දැක්වීම් සිදු කළේ ය.

    විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සිය කණ්ඩායමට මන්ත්‍රීවරු 70ක් සිටින බැවින් විපක්ෂනයක ධූරය තම කණ්ඩායමට ලබාදිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීරණය ප්‍රකාශ
    කරන ලෙසත් දන්වා සිටියේ ය.

    එහිදී අඳහස් දැක් වූ සභානායාක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ,පිළිගත් දේශපාලන පක්ෂ පමණක් පාර්ලිමේන්තුව පිළිගන්නා බවය.

    එහිදී අඳහස් දැක් වූ කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, මේ සම්බන්ධව වාචික ඉල්ලීමක් කර තිබුණු බවත් පක්ෂ නායකවරු සමඟ සාකච්ඡා කර තීරණයක් ලබදිය හැකි බවත්,පාර්ලිමේන්තුවේ අභිමනය ආරක්ෂා  කරගනිමින්,පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට කටයුතු කර තිබෙන බවය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා මෙහිදී අඳහස් දක්වමින් ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තුවේ පක්ෂ හයක් නියෝජනය කරන බවත් ඉන් පක්ෂ තුනක් හැර අනෙක් පක්ෂ ආණ්ඩුව නියෝජනය කරන බවත්,ආණ්ඩුව නියෝජනය කරමින්,අමාත්‍යධූර දරමින් එම පක්ෂවලින් ම විපක්ෂනායකධූරය ඉල්ලා සිටීමට නොහැකි බවයි. මේ පක්ෂ හයෙන් දේශපාලන පක්ෂ දෙකක් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන බවත් එසේ සිදු කරන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධනය ආණ්ඩුවෙන් ඉවත්ව එය සිදු කළ යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා- මේ ප්‍රශ්නය දිගට ගෙන යෑම රටේ ජනතාවට කරන ද්‍රෝහිකමක්. පාර්ලිමේන්තුව හෑල්ලු වෙනවා.අදත් විපක්ෂයට වැඩි කාලයක් දුන්නා. ප්‍රශ්නය අදින් ඉවර කරන්න.


    පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා- අභ්‍යන්තර ප්‍රශ්නයක්.ඒක පාර්ලිමේන්තුවට ගෙනැල්ලා වැඩක් නෑ.අගමැතිකම ගන්න එක අසමත් වුණා.


    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානයක මහතා-

    සංඛ්‍යත්මක වෙනසක් පමණයි සිදුව තිබෙන්නේ. දේශපාලන නෛතික වෙනස සිදුව නෑ. පක්ෂ හයෙන් මන්ත්‍රීවරු තේරී පත් වී තිබෙන්නේ.19 වැනි සංශෝධනයේ දී පක්ෂවල අනන්‍යතාවය පෙන්වා දුන්නා.පාර්ලිමේන්තුවේ පක්ෂ හයයි තිබෙන්නේ. බරපතල ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය වෙනවා. පක්ෂ නායකවරු ලෙස හයදෙනෙක්ට පිළිගැනීම ලැබෙනවා.පර්ලිමේන්තුවේ පක්ෂ නායක නියෝජනය දිනේෂ් ගුණවර්ධන මහතාට සන්ධනයෙන් පවරා තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ පක්ෂවල අනන්‍යතාවය අතිශය වැදගත්.


    අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා-

    2015 ජනවරි 8 ආණ්ඩුව පත් වුණාම,19 සංශෝධනය පාස් කළා. කවුරුත් කතා නොකළ නිසා නිමල් සිරිපාල ද සිල්වා විපක්ෂනායක ලෙස සිටියා. වෙලාව නාස්ති කරගෙන විපක්ෂනායක ප්‍රශ්නය ආණ්ඩුවේ ප්‍රශ්නයක් කරගන්න එපා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා- 70ක් ඉන්න බහුතර ජනතාව ඉන්න අපට විපක්ෂ නායක කම දුන්නේ නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවන්නේ නෑ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා- පක්ෂ ගැන හිතන්නේ නැතුව තීන්දුවක් දෙන්න. 

    පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා- හැත්තෑවක කණ්ඩයමක් ඉන්න බව කිව්වා. මේ කණ්ඩායමට සාධරණ කාලයක් ලැබිලා නෑ. අපි ජනතවගේ ඡන්දයෙන් ආව අයයි. විපක්ෂයේ අයිතිවසිකම ක්‍රියාත්මක කිරීමේ ඉඩකඩ තිබිය යුතුයි.පාර්ලිමේන්තු සම්ප්‍රදය අනුගමනය කරනවා නම් පක්ෂයකින් මතය විමසන්න අවශ්‍ය නෑ.අද තිබෙන යථාර්තයට මුහුණ දිය යුතුයි. අද අලුත් සම්ප්‍රදායක් ගොඩනැගිය හැකියි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා- විපක්ෂයේ 70 අයිතිවාසිකම් ආරක්ෂ කරන වගකීම කතානායකතුමාටතිබෙනවා. හඩට සවන් දීලා සාධාරණය ඉටු කරන්න.

    අමාත්‍ය ජෝන් අමරතුංග මහතා- පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව දෙන්න පුළුවන් නම් නොදී ඉන්නේ නෑ.

    කතානයක කරූ ජයසූරිය මහතා - සන්ධානයේ ලේකම්තුමාගේ අඳහස් විමසුවා. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ක්‍රියාවක් කළේ නෑ. පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව,කරුණු දෙකක් සම්බන්ධයෙන් සොයාබැලීමෙන් පසුව මෙම
    සතියේ තීරණය දැනුම් දෙනවා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya