1876 ආරම්භ කළ දීර්ඝ ඉතිහාසයක් ඇති පාසලක් වන අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ වසර 142 ක ගමන් මග ද මෙහි දී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.
අද පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගන්නා ලදී.
අනතුරුව ජනාධිපතිතුමා ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වූ අතර, විශිෂ්ටතා දැක්වූ දරුවන් කිහිප දෙනෙකු වෙත සහතිකපත් සහ තිළිණ ප්රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්විණි.
අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, චන්ද්‍රානි බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ යන මහත්ම මහත්මීන් සහ විදුහල්පතිනි රමණි වාසල මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය)