මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිගුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට

    අගෝස්තු 02, 2018

    හිගුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට පවරාදීම ද ඊයේ (1) ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    රුපියල් මිලියන 7. 1 ක වියදමින් ඉදිකෙරුණු වකුගඩු රෝග ප්‍රතිකාර හා සායන ගොඩනැගිල්ල, රුපියල් මිලියන 36 ක වියදමින් ඉදිකෙරුණු විකිරණ හා සංඛ්‍යා ලේඛණ ඒකක ගොඩනැගිල්ල, රුපියල් මිලියන 20ක වියදමින් ඉදිකෙරුණු දන්ත සායනය හා ශෛල්‍ය වෛද්‍ය ඒකකය විවෘත කිරීම සහ රුපියල් මිලියන 104 ක වියදමින් ඉදිකළ වෛද්‍ය නිලධාරි නිවාස සංකීර්ණය විවෘත කිරීම ඒ අනුව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    රාජිත සේනාරත්න, නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරු ඇතුථ මැති ඇමතිවරු සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුථ නිලධාරින් එම අවස්ථාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : සුදත් සිල්වා )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya