නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්මුනෙයි පත්තු සහ එරාවුර් යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නව ගෙඩනැගිලි විවෘත කෙරේ

    ජූලි 30, 2018

    මඩකලපුව, මන්මුනෙයි පත්තු සහ එරාවුර් යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නව ගෙඩනැගිලි විවෘත කිරීමේ උත්සව ඊයේ (29) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ගොඩනැගිලි ඉදි කර ඇත. ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට වත්මන් රජය පියවර රාශියක් ගෙන ඇති අතර ඒ අනුව මන්මුණෙයි පත්තු සහඑරාවුර් නගරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 679 කි.


    මෙම ගොඩනැගිලිවල විශේෂත්වයක් වන්නේ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් ද සමන්විතව ඉදිකිරීමයි. එමෙන්ම අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ද මෙම ගොඩනැගිලි සඳහා ඉදිකර ඇති අතර ගොඩනැගිලි සහ එහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලබාදෙයි.

    මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඒ.එල්.ඒ.එම්. ඉහිස්බුල්ලා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, නැගෙනහිර පළාත් හිටපු මහඇමැති අහමඩ් නෂීර්,ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීහූ විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya