නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්මුණෙයි පත්තු සහ එරාවුර් නගරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ජනතා අයිතියට

    ජූලි 29, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මන්මුණෙයි පත්තු සහඑරාවුර් නගරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් අද(29)ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

    ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ගොඩනැගිලි ඉදි කර ඇත. ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට වත්මන් රජය පියවර රාශියක් ගෙන ඇති අතර ඒ අනුව මන්මුණෙයි පත්තු සහඑරාවුර් නගරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 679 කි.


    මෙම ගොඩනැගිලිවල විශේෂත්වයක් වන්නේ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් ද සමන්විතව ඉදිකිරීමයි. එමෙන්ම අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ද මෙම ගොඩනැගිලි සඳහා ඉදිකර ඇති අතර ගොඩනැගිලි සහ එහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලබාදෙයි.


    මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සි.අලවතුවල මහතා ඇතුළු මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමතිවරු ද සහභාගිවිමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya