"දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න" ගුවන්විදුලි වැඩසටහන හා ඊට සමගාමීව පැවැත්වූ සම්මන්ත්‍රණ මාලාව ප්‍රයෝජනයට ගනිමින් 2017 වර්ෂයේ දෙසැම්බර් මස පැවති අ.පො.ස (සා.පෙ) විභාගයේ දෙවන බස විෂය සඳහා පෙනි සිට A හා B සමාර්ථ ලබා ගත් සිසුන් 4,000 කට සම්මාන පිරිනැමීම සංකේතවත් කරමින් දිවයිනම ආවරණය වන පරිදි සිසුන් දහ දෙනෙකු වෙත සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.
විදුහල්පතිවරුන්, ගුරවරුන් සහ ,දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න, ගුවන්විදුලි වැඩසටහන නිර්මාණය කළ පිරිස් ද ජනාධිපතිතුමා අතින් ඇගයීමට ලක් කෙරිණි.
අමාත්‍ය මනෝ ගනේෂන්, අර්ජුණ රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය සෙයිද් අලි සාහිර් මවුලානා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඊ. සර්වනභවන්, මූඛර්ජ් රහුමාන්, වේලුකුමාර් යන මහත්වරුන් සහ ජාතික ඒකබද්ධතා සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ ලේකම් එම්.වයි.එස්. දේශප්‍රිය මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.