යාපනය හින්දු විද්‍යාලයේ පැවැති උතුරු පළාත් ස්වේච්ඡා ගුරුවරුන් සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.
යාපනය හින්දු විද්‍යාලයට පැමිණීමට මට අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටට පත් වෙනවා. මේ රටේ හින්දු ආගම් ප්‍රබෝධය පළමුවෙන් ඇති කළේ අරුමුගම් නාවලර් මැතිතුමායි. හින්දු අධ්‍යාපනය වෙනුවෙන් පාසල් ඇති වූයේ ඒ ආකාරයටයි. හින්දු ආගම් ප්‍රබෝධය අනුගමනය කරමින් දකුණේ බෞද්ධ ආගම් ප්‍රබෝධය ඇති වුණා. වෙසක් පොහෝ දිනය රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත් කිරීමට කටයුතු කළේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමායි. අපි ඔක්කොම එක මවකගේ දරුවන් යැයි අපේ ජාතික ගීතයේ සඳහන් වන්නේ එම නිසයි.
අද මම මෙහි පැමිණියේ උතුරු පළාතේ පාසල්වල ස්වෙච්ඡාවෙන් සේවය කළ ගුරුවරුන්ට පත්වීම් ලබාදීමටයි. යුද්ධ කාලයේත්, යුද්ධයෙන් පසුවත් පාසල්වලට ප්‍රමාණවත් තරම් ගුරුවරුන් සිටියේ නැහැ. බඳවා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සහිත පුද්ගලයින් සිටියේත් නැහැ. එම නිසා ඊට අවශ්‍ය අවම සුදුසුකම් ඇති කරමින් ඒ අනුව බඳවා ගැනීමට හැකි සියලූම දෙනා බඳවා ගැනීමට අප කටයුතු කර තිබෙනවා.
මෙම ගුරුවරුන් ඉක්මනින් බඳවා ගන්න යැයි මහ ඇමැතිතුමාත් මට පැවසුවා. ගුරු සේවයට බඳවා ගත් කොටසකට පසුගිය දා අපි පත්වීම් ලබා දුන්නා. ඉතිරි කණ්ඩායමට අප මෙහිදී පත්වීම් ලබාදෙනවා. මේ ආකාරයට 680 දෙනෙකුට අපි ගුරු පත්වීම් ලබා දී තිබෙනවා. එම නිසා ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීතුමා ඉදිරියේ දී මට කරදර නොකරනු ඇති බවට මම කල්පනා කරනවා.
ඔබ අද පත්වීම් ලබා ගත් පසු ගුරුවරුන් ලෙස හොදින් සේවය ලබාදිය යුතුයි. ඔබ සතුව විශාල කැපවීමක් ඇති බව මා දන්නවා. ඔබට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දෙන ලෙස අධ්‍යාපන ඇමැතිතුමාටත්, අමාත්‍යාංශයටත් මා දන්වා තිබෙනවා. යුද්ධයට පෙර ශ්‍රී ලංකාවේ වැඩිම කැපවීමක් සහිත ගුරුවරුන් යාපනයේ සිටියා. නමුත් යුද්ධයත් සමග මේ සියලූ දේ විනාශ වී ගියා. එම නිසා අප නැවතත් පෙර පැවැති තත්ත්වය ඇති කරගත යුතුයි.
කැපවීම සහිත ගුරුවරයෙකු නිර්මාණය වන්නේ පුහුණු ගුරුවරුන් හරහායි. උතුරේ ද්‍රවිඩ පාසැල්වලට අවශ්‍ය ගුරු සංඛ්‍යාව බඳවා ගනිමින් ඊළඟ අවුරුදු කිහිපය තුළ ඔවුන් පුහුණු කිරීමට අකිල විරාජ් කාරියවසම් ඇමැතිතුමා ක්‍රියා කරනවා. ගුරුවරුන් පුහුණු කිරීම සඳහා විශාල අධ්‍යාපන විද්‍යා පීඨයක් යාපනයේ ඇති කිරීමටත් මම අමාත්‍යතුමා සමග සාකච්ඡා කළා. දැනට තිබෙන අධ්‍යාපන පීඨයේ පහසුකම් තිබෙන්නේ 250 දෙනෙකු සඳහා පමණයි. එම නිසා ඊට වඩා විශාල අධ්‍යාපන විද්‍යා පීඨයක් ඇති කිරීමට අවශ්‍ය පියවර මූල්‍යාධාර ලබාදීමට අපි කටයුතු කරනවා. මෙහි ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු සඳහා විදෙස්ගත වූ විශ්‍රාමික ගුරුවරුන් නැවතත් ලංකාවට කැඳවීමට මහ ඇමැතිතුමාටත්, පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා.
කොළඹට නොදෙවැනි අධ්‍යාපන ක්‍රමයක් අතීතයේ යාපනයේ පැවතුණා. අප පාසල් යන කාලයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල වඩා හොඳ කොළඹ පාසල්වල ද, යාපනයේ පාසල්වල ද යන්න තරගයක් තිබුණා. එකළ ශ්‍රී ලංකාවෙන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ හොඳම ශිෂ්‍යයන් වුණේ යාපනයේ ශිෂ්‍යයන් බව කිව යුතුයි. ඒ අතරිනුත් වැඩිම සුදුසුකම් ලබාගත්තේ යාපනයේ හාට්ලි විද්‍යාලයේ ශිෂ්‍යයිනුයි. සුන්දරලිංගම් මහතා ඉන් එක් අයෙක්. එවැනි හොඳ අධ්‍යාපන ක්‍රමයක් නැවතත් යාපනයේ ඇති කළ යුතුයි. හොඳ ගුරුවරුන් සිටිනවා නම් එම තත්ත්වය නැවත ඇති කළ හැකියි.
ශ්‍රී ලංකාව තවදුරටත් අඩු වැටුප් ප්‍රමාණයක් ගෙවන රටක් ලෙස ක්‍රියා කළ යුතු නැහැ. එම තත්ත්වය ඇති කර ගැනීමට නම් දැනුම සහිත පුද්ගලයින් අවශ්‍ය වෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය අප සංවර්ධනය කර ගත යුත්තේ එම නිසයි. ඉදිරි වසරේ දී අප තවත් ගුරුවරුන් ප්‍රමාණයක් බඳවා ගන්නවා. මේ වන විට අප ක්‍රීඩා ගුරුවරුන් බඳවා ගෙන තිබෙනවා. ඒ වාගේම නැටුම් විෂය වෙනුවෙනුත් අපි ගුරුවරුන් බඳවා ගත්තා. මීට දින තුනකට පෙර 12 සහ 13 ශ්‍රේණිවල වෘත්තීය විෂයයන් ඉගැන්වීම සඳහා උපාධිධාරීන් බඳවා ගත්තා.
රටේ අනෙකුත් ප්‍රදේශවල දෙමළ මාධ්‍ය පාසල් සඳහාත් ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කළ යුතුයි. මෙම වැඩ කටයුතු සම්බන්ධයෙන් මම අකිල විරාජ් කාරියවසම් ඇමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා ප්‍රමිතිය ආරක්‍ෂා කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙය වනවා. එතුමා ප්‍රමිතිය අමතක කරමින් දේශපාලනය කරන්නේ නැහැ. මින් පෙර සිටි පාලකයින් සංවර්ධන වැඩ කටයුතුවලට තම තමන්ගේ නම් යොදා ගත්තා. පාසල් වලටද ඇතැම් අය තමන්ගේ නම් දැමුවා. ඒ ආකාරයට ''අකිලෝදය විද්‍යාගාර” ඇති කරන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ අපේ නම් ප්‍රසිද්ධ කර ගැනීම නොවෙයි. අපට අවශය හොඳ ප්‍රතිඵල සමගින් හොඳ බුද්ධිමත් පරපුරක් බිහි වී රට ඉදිරියට ගෙන යනු දැකීමයි. එතුමාට මෙම වැඩ කටයුතු හොදින් කර ගෙන යාම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ කැපවීම උපකාර වී තිබෙනවා.
දින දෙකක් තිස්සේ අපි යාපනයේ ප්‍රදේශ රැසක සංචාරය කළා. එහිදී '';සුව සැරිය” ගිලන් රථ සේවා වැඩසටහන දියත් කළා. එම අවස්ථාවට ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාත් සහභාගි වුණා. එය විශේෂ අවස්ථාවක්. මංගල සමරවීර මුදල් ඇමැතිතුමා, රිෂාඩ් බදුර්දීන් ඇමැතිතුමා ඇතුළු අනෙකුත් මැති ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සති අන්තයේ දී මේ ප්‍රදේශවල විශාල වැඩ කොටසක් සිදු කළා.
කිළිනොච්චිය ධාන්‍යාගාරය විවෘත කිරීමට අපට අවස්ථාව ලැබුණා. ඒ වගේම ඊයේ රාත්‍රියේත්, උතුරේ ව්‍යාපාරිකයින් නගා සිටුවීම සඳහා වැඩසටහන් කිහිපයක්ම පැවැත්වුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන අපි ක්‍රියාත්මක කළා. මුදල්අ මාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ''ගම්පෙරළිය” වැඩසටහන ගමට ගෙන යාමට අපි ක්‍රියා කරමින් සිටිනවා. ඒ වගේම පළාලි ගුවන් තොටුපොළත්, කන්කසන්තුරේ වරායත් ඉන්දීය ආධාර යටතේ දියුණු කිරීම පිළිබඳව අප සාකච්ඡා කළා. කිළිනොච්චි සහ යාපනය සංවර්ධන වැඩකටයුතු පිළිබඳවත් අප දීර්ඝ වශයෙන් අප සාකච්ඡා කර තිබෙනවා.
මේ ප්‍රදේශයට අවශ්‍ය නිවාස ඉදිකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඉන්දීය සමාගම් 4 ක් ඉදිරිපත් වී තිබෙනවා. යුද්ධයෙන් පසුව පළමු වතාවට රටේ අනෙක් ප්‍රදේශවලට සමාන සංවර්ධනයක් මේ ප්‍රදේශයටත් ලැබෙමින් තිබෙන බව අපට පෙනී යනවා. අපි සියලූ දෙනාම එකට එකතු වීඑක ගමනක් යමින් සංවර්ධනය ඇති කර ගැනීමට සූදානම් විය යුතුයි. මෙම සංවර්ධනය කඩාකප්පල් කිරීමට කිසිවෙකටත් ඉඩ දිය නොහැකියි.
අද උදෑසන පුවත්පත් කිහිපයක් කියවීමට මට අවස්ථාව ලැබුණා. එහිදී දිවයින ඉරිදා සංග්‍රහය මම කියෙව්වා. හමුදා කඳවුරු ඉවත් කිරීම දින 45 ක් තුළ සිදුකිරීමට නියෝගයක් ලබා දී ඇති බව එහි සඳහන් වුණා. මහ ඇමැතිතුමාවත් එවැනි නියෝගයක් ලබාදුන්නා දැයි මම කල්පනා කළා. මහ ඇමැතිතුමාත් එවැනි නියෝගයක් ලබා දී නැහැ. ඉන් පසු මම හමුදාපතිතුමාගෙන් මේ පිළිබඳව විමසුවා. එතුමාගේ පිළිතුර වුණෙත් මෙම කඳවුරු ඉවත් නොකරන බවයි. පසුව යාපනයේ කඳවුරු කිහිපයක් ඉවත් කරනවා දැයි මම යාපනය අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චිගෙන් විමසුවා. ''අනේ සර්, එක කඳවුරක්වත් ඉවත් කරන්නේ නැහැ” යැයි ඔහු පැවසුවා.
එසේ නම් මට ඇති ගැටලූව වන්නේ, යුද හමුදා කඳවුරු වසා දමන්නේ කවුරුද යන්නයි. එම කඳවුරු ඉවත් කරන්නේ කුමන කර්තෘ ද? යුද්ධ හමුදාවේ බලඇණි අතර ප්‍රතිසංවිධාන සිදු වෙනවා. එය සිදුවන විට ඇතැම් පරිපාලන නිලධාරීන්ට පරිපාලන තනතුරු ලබා දෙනවා. හිත් අමනාපකම්වලටත් තනතුරු මාරු කරනවා. නමුත් මේ ප්‍රවෘත්ති පළ කර තිබෙන ආකාරයට මෙම යුද හමුදා කඳවුරු ඉවත් කිරීමට නම් දැනට අදහසක් නොමැති බව මම විශේෂයෙන් පැවසිය යුතුයි. නමුත් අප හොදින් කටයුතු කරමින් සමගිය වර්ධනය වීමෙන් පසු එය ඉබේම සිදුවේවි. එය හමුදාවේ කාර්යයක් මිස අපේ කාර්යයක් නොවෙයි.
මෙය ලංකාවේ කොටසක්... එහි ප්‍රජාතන්ත්‍රවාදය පැවතුණා. ත්‍රස්තවාදය අවසන් වන විට මෙම යුද හමුදා කඳවුරුත් ක්‍රමානුකූලව ඉවත් කළ යුතු වෙනවා. මෙවැනි යුද හමුදා කඳවුරු දකුණේත් පිහිටා තිබෙනවා. යාපනය යනු කොළඹ යටත් විජිතයක් නොවන බව ඔබ අවබෝධ කර ගත යුතුයි. සිදුවන අසාධාරණකම් විසදා ගනිමින් අප ඉදිරියට යා යුතුයි. මෙවැනි පුවත් නිකරුණේ පළ කරන්නේ ඇයි? පුවත්පත්වල පළ කරන ප්‍රවෘත්ති සියලූම රූපවාහිනී නාළිකාවල උදෑසන විකාශය කරනවා. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරනවා යැයි එවිට සියලූම නාළිකා විකාශය කරනවා. යාපනය එල්.ටී.ටී.ඊ.යට බාර දෙනවා යැයි පවසනවා. එසේ සිදු කිරීමට නම් ''ප්‍රභාකරන්ට” නැවතත් පණ දීමට සිදුවෙනවා. ඔවුන් මේ උත්සාහ කරන්නේ ජාතිවාදය අවුස්සමින් රටේ ජනතාව බියට පත් කිරීමටයි. එවැනි තීරණයක් අප ගෙන නොමැති බව පැවසිය යුතුයි. මේ බොරු ප්‍රවෘත්ති බව ජනතාව අවබෝධ කර ගත යුතුයි.
විපක්‍ෂයේ කටයුතු සඳහා පණ දීම මින් සිදු කෙරෙනවා. එම නිසා බොරු ප්‍රවෘත්ති පළ නොකරන ලෙස මම ඔවුන්ට පවසනවා. මේ සම්බන්ධයෙන් මම කළ ප්‍රකාශයත් එම පුවත්පතේ පළවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. අදාළ පුවත්පතේ පළ කළ එම බොරු ප්‍රවෘත්තිය තම වැඩසහටන්වල විකාශය කළ සියලූම රූපවාහිනී නාළිකා ද, අද මගේ මේ ප්‍රකාශයත් විකාශය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
අප හැකි උපරිම ආකාරයෙන් රටේ ගැටලූ විසඳමින් ඉදිරියට යමින් සිටිනවා. මෙවැනි බොරු ප්‍රවෘත්ති පළ කළ යුතු නැහැ. පාර්ලිමේන්තුවේ දී මමත්, රුවන් විජයවර්ධන ඇමැතිතුමාත් මෙම ප්‍රවෘත්තිය නිවැරදි කරනවා. එපමණක් නොව, මේ සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා සමග සාකච්ඡා කරන බවත්, යුද හමුදාපතිතුමා පැවසුවා. මෙවැනි රට ගිනි තියන ප්‍රවෘත්ති පළ කරන්නට එපා යැයි මම කියා සිටිනවා. අප උත්සාහ කළ යුත්තේ ගැටලූ සමනයට පත් කරමින් ඉදිරියට යාමටයි.
රටේ තත්ත්වය දියුණු වන විට, සාමය ඇති වන විට හමුදාව ක්‍රමයෙන් ඉවත් වේවි. හමුදාව ඉවත් කිරීම අප කිසිම දිනෙක හොරෙන් කරන්නේ නැහැ. අප එය සිදු කරන්නේ ප්‍රසිද්ධියේයි.