පසුගිය 19 වනදා ඇරඹි මෙම උපසම්පදා විනය කර්මය 24 වනදා දක්වා ගල්ඔය නදී උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරි පූජ්‍ය අංකුඹුරේ පේමවංස මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ මුලිකත්වයෙන් උපසම්පදා විනය කර්මය සිදු කෙරේ.
අද පස්වරුවේ මෙම අවස්ථාවට එක් වූ ජනාධිපතිතුමා වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝබිත නායක හිමිපාණන් වහන්සේ ඇතුථ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.
අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප : සුදත් සිල්වා )