Print this page

තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දි සෑම පාර්ශවයකටම වගකීම් පැවරෙනවා

ජූලි 12, 2018

තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනිමට යාමේ දි සියලු අංශ වෙත එක හා සමාන වගකීම් පැවරී ඇති අතර ඒ සඳහා සිවිල් සංවිධාන,විද්වතුන්, ව්‍යාපාරික ප්‍රජාව හා ජාත්‍යන්තර සංවර්ධන සංවිධාන ඇතුළු පියලු පාර්ශවයන් සමඟ එක්වී මහජන නියෝජිතයින් වන අප කටයුතු කළ යුතු ව ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා පැවසිය.

කථානායකවරයා වේ බව පැවසූවේ, පාර්ලිමේන්තුවේ දි ඊයේ(11) ආරම්භ වු දකුණු ආසියානු කථානායක වරුන්ගේ 3 වැනි සමුළුවේ සමාරම්භක සැසියේ පිළිගැනීමේ කතාව කරමිණි.

එහි දි තවදුරටත් අදහස් දැක්වු කරු ජයසුරිය මහතා මෙසේ ද කිය. ''ආසියානු හා පැසිපික් කලාපයේ තීරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වසරකට ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක් අවශ්‍ය බවට ආසියානු සංවර්ධන බැංකුව ගණනය කර තිබෙනවා.එහෙත්,මෙම කලාපය සඳහා ලැබෙන සංවර්ධන ආධාර ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 30 ක් පමණයි.එම නිසා අපේ කලාපයේ රටවල් වල දේශීය සම්පත් වර්ධනය කර ගැනිම ඉතා වැදගත් වෙනවා.මහජන නියෝජිතයින් වශයෙන් අපගේ යුතුකම හා වගකිම වන්නේ අයවැය සම්පාදනයේ දි කාර්යක්ෂමතාවයෙන් ,විනිවිදභාවයෙන්හා වගවිමෙන් කටයුතු කිරිමයි.''

අපගේ තවත් වැදගත් කාර්යභාර්යයක් වන්නේ බහුපාර්ශවිය හවුල්කාරීත්වයට ක්‍රියාශීලිදායකත්වය ලබාදීම බවත්,මෙය ආණ්ඩුවට පමණක් තනිවම සිදු කළ නොහැකි බවත් කථානායක වරයා මෙහිදි අවධාරණය කළේය.