Print this page

ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සියලු පියවර ගෙන තිබෙනවා- මුදල් රාජ්‍ය අමාත්‍ය

මැයි 25, 2018

ස්වාභාවික විපත්වලින් අපදාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සියලු පියවර ගෙන තිබෙන බවත් සහන සැලසීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය මුදල් ලබාදීමට පියවර ගෙන තිබෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

මේ වනවිට ආරක්ෂිත මධ්‍යස්ථාන 257ක පවුල් 14,000 සිටිනවා.55000ක් පමණ ජනතාවක් මුදවාගෙන  තිබෙනවා.පවුල් 32000ක් පමණ ආපදාවට මුහුණ දී තිබෙනවා.ත්විධ හමුදාව අපදා අවස්ථාවේ කැපවීමෙන් කටයුතු කරනවා. හමුදා භටයින් 725ක් යොදවා සිටිනවා. තවත් 6300ක් පමණ සූදානමින් සිටිනවා. මුදල් අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ස්වාභාවික ආපදාවට මුහුණ දුන් ප්‍රදේශවලට අවශ්‍ය මුදල් මේ වනවිට වෙන් කර, ලබා දී තිබෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.