Print this page

ආපදාවට පත් වූ ජනතාව වෙනුවෙන් වියළි සලාක ලබාදෙනවා - රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර

මැයි 23, 2018

ආපදාවට පත් වූ ජනතාව වෙනුවෙන් වියළි සලාක ලබාදෙන්න කටයුතු කරන බව වාරිමාර්ග,ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

දිස්ත්‍රික්ක සියල්ලටම ඔරු ලබා දී තිබෙනවා.රත්නපුරයට අගුල් 66ක් යවන්නට කටයුතු කර තිබෙනවා.ඊයේ දිනය පුරා පුත්තලම දිස්ත්‍රික්කයේ කටයුතු කළා. කළුතර දිස්ත්‍රිකයට,ගාල්ල දිස්ත්‍රික්කයට බදුල්ල දිස්ත්‍රික්කයට,ගම්පහ
දිස්ත්‍රික්කයට,මාතර දිස්ත්‍රික්කයට, කොළඹ දිස්ත්‍රික්කයට, කෑගල්ල දිස්ත්‍රික්කයට,පුත්තලම දිස්ත්‍රික්කයට, කුරුණෑගල දිස්ත්‍රික්කයට අගුල් හා එංජින් බෝට්ටු ලබාදුන්නා.

රත්නපුර දිස්ත්‍රික්කයේ මේ වනවිට අගුල් 66ක් ක්‍රියාත්මකයි.දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය කරනවා.අද සවස් වනවිට තවත් අගුල් 26ක් යවනවා.අපි යාන්ත්‍රණය සකසා තිබෙනවා. මොහොතින් මොහොත මාධ්‍ය සාකච්ඡාව තුළ ආපදා සිදුවන්නේ කොහේද කියලා සියලු තොරතුරු කියනවා. අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඉදිරි දින තුළ තවදුරටත් වර්ෂාව බලාපොරොත්තු වෙන්නට පුළුවන්.පෙර සූදානමක් කර තිබෙනවා. ජනතාව ඇහුම්කම් දෙනවා නම් විපත් අඩු කරගන්න පුළුවන්.ආපදා තත්ත්වය තිබියදී තමන්ගේ ජීවිත ආරක්ෂා කරගනීමට ජනතාව පියවර ගත යුතුයි. ප්‍රාදේශීය ලේකම්වරු හරහා සහන ලබාදීම ක්‍රියාත්මක කර තිබෙනවා. ජීවිත ආරක්ෂා කරන අතරේ අවශ්‍ය සහන සැලසීමට කටයුතු කර තිබෙනවා. අවශ්‍ය ආහාර ප්‍රාදේශීය ලේකම්වරයා හරහා ක්‍රියාත්මක කර තිබෙනවා. හෙට දිනයේ සිට වියළි සලාක ලබාදෙන්න කටයුතු කරනවා. නිවෙස් හිමියට රුපියල් 10,000ක මුදල් චෙක්පතක් ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. අපවිත්‍ර ළිං පිරිසිදු කරන්න පුත්තලමේ ජල මෝටර් 20 ස්ථානගත කර තිබෙනවා. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මේ වනවිට පිටත් කර තිබෙනවා.අවශ්‍ය මුදල් වෙන් කර තිබෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.