Print this page

ඉරාන - ශ්‍රී ලංකා කතානායකවරු හමුවෙති- උණුසුම් පිළිගැනීමක්

අප්‍රේල් 19, 2018

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි මහතා ( Ali Larijani)  අද (19) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ශ්‍රී ලංකාවේ කතානායක කරූ ජයසූරිය මහතා හමුවිය.

ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඊයේ (18) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. දිවයිනේ රැඳී සිටින කාලය තුළ දී කතානායක කරූ ජයසූරිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු සමඟ ද්වී පාර්ශවික සාකච්ඡාවන් පැවැත්වීමට ද නියමිත අතර හෙට (20) දින දක්වා කතානායක අලී ලරිජානි මහතා දිවයිනේ රැදී සිටිනු ඇත.

 

iran 2

ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව