Print this page

ජනපති අම්පාර මණ්ඩල මහා විහාරය වෙත යයි

පෙබරවාරි 06, 2018
ඊයේ (05) උතුරු සහ නැගෙනහිර පළාත්වල සංචාරය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සන්ධ්‍යා භාගයේ අම්පාර මණ්ඩල මහා විහාරය වෙත ගොස් විහාරාධිපති පූජ්‍ය සුහදගම සීලරතන ස්වාමීන් වහන්සේ බැහැදැක සුවඳුක් විමසා බැලූවේය.
 
එම විහාරස්ථානයට අදාළ පූජා ඔප්පුව ද මෙහිදී ජනාධිපතිතුමා විසින් විහාරාධිපති හිමියන් වෙත පිළිගැන්වීය.