Print this page

ජනපතිගේ ධූර කාලය පිළිබඳ මතය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි

ජනවාරි 12, 2018

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ මත දෙකක කතිකාවක් නීතිමය සිවිල් සහ දේශපාලන ක්ෂේත‍්‍ර තුළ පවතී.

ඒ අනුව යම් ව්‍යාකූලතාවයක් ඇති විය හැකි බැවින්, එය මගහරවා ගැනීම සඳහා ජනාධිපතිතුමා විසින් ධුර කාලය පිළිබඳ නිවැරදි මතය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එසේ විමසීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලතල ඇති අතර, මීට පෙර ජනාධිපතිවරුන් ද මේ ආකාරයට සිය ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ගැබ් වී ඇති විශේෂ ලක්ෂණයකි.