Print this page

ජනමාධ්‍ය ක්ෂේත්‍රය නඟා සිටුවීමට කටයුතු කරනවා- අයවැය ලිහිල්කරණ ප්‍රතිපත්ති තුළ දේශීය ව්‍යවසායකයන්ට වැඩි අවස්ථා...

දෙසැම්බර් 09, 2017

අයවැය නීල හරිත තේමාවක් යටතේ සකස් කර තියෙන්නේ.මේ අයවැය ලිහිල්කරණ ප්‍රතිපත්ති තුළ වෙළඳපොල බාධක අඩු කිරීමට කටයුතු කරනවා. අපි ගෝලීය වෙළඳපොළට විවෘත විය යුතුයි.ආර්ථික ලිහිල්කරණයේ එක් පියවරක් වන්නේ පැරණි නීති සංශෝධනය කිරීම.එවිට තරඟකාරී වෙලඳ රටාවක් සකස් කළ හැකියි.දේශීය ව්‍යවසාකයන්ට වැඩි අවස්ථා ලබාදීමටත් අපනයනය සඳහා වැඩි අවස්ථා ලබාදීමත් ප්‍රාග්ධන ආර්ථිකයට වැඩි තාක්ෂණයක් එක් කිරීමත් බලාපොරොත්තු වෙනවා යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.


මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අද (9) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශ වැයශීර්ෂයේ පිළිතුරු කතාව කරමින් මෙසේ පැවසීය.

290ක් ඇමෙරිකානු ඩොලර් හම්බන්තොට වරාය ආයෝජනයට ලබුණා. මෙය වසර හතකට පසු ගත් පළමු පියවරයි. අපේ රටට සංවර්ධනය හා සමෘද්ධිය ලබාදෙන්න පුළුවන්. හම්බන්තොට වරායට සාර්ථක ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ සැලසෙයි කියා සිතනවා. ඉන්දියානු සාගරයේ ආර්ථික මඪස්ථානයක් බවට පත් වෙන්නට හැකිවෙනවා. ශ්‍රී ලංකාවේ තරුනයන්ට රැකියා ලබදෙනන් පුළුවන්.

නීල හරිත ආර්ථිකයක් 2018 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර විවිධ කණ්ඩයම්වල.වෘත්තීය කණ්ඩායම්වල අදහස් ලබාගත්තා.

සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණය කිරීමට අපේක්ෂා කරනව.නිෂ්පාදන ගම්මාන ලෙස දියුණු කළ හැකි ග්‍රාම නිලධාරී වසම් හදුන්වා ගෙන අවශ්‍ය තාක්ෂණ පහසුකම් ලබාදෙනවා. විදේශ වෙලඳපොළ ඉලක්ක කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

පසුගිය කාලය තුළ ස්වාභාවික ආපදාවන්ට මුහුණ දීමට සිදු වුනා. ඒ සඳහා මුහුන දීමට ඉහළ ගංගාධාර ප්‍රදේශවල ජලාශ සකස් කිරීමට හා ජල ධාරිතාව වැඩි කිරීමට අවධානය යොමු කර තිබෙනවා.පටු දේශපාලන අරමුණු වෙනුවෙන් එම ප්‍රදේශවල ජනතාව නොමඟ යැවීමට කටයුතු කර තිබෙනවා. ජනතා අනුමතිය නොමැතිව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ නෑ.

ව්‍යාපෘති කාලසීමාව තුළ වරාය හා ගුවන්තොටුපල බදු නිදහස් කිරීමට කටයුතු කරනවා. සී.අයි.එෆ් ක්‍රමයේ බදු අයකිරීම වෙන්ස් කර එංජින් ධාරිතාව අනුව බදු අයකිරීමක් සිදු කරනවා. ලක්ෂරි ටැක්ස් එකක් අය කරනවා. 2018 බදු අයකිරීමේ පදනම වෙනස් කිරීමෙන් වාහම අඩු වටිනාකම දැක්වීම අඩු විය හැකියි.

විශ්‍රාම නිලධාරීන්ට වාහන බලපත්‍රයදී සහනයක් සළසන්න බලාපොරොත්තු වෙනවා. තට්ටු නිවාස සඳහා වැට් බද්ද අය කරන බව ප්‍රකාශ කළා.2018 අප්‍රේල් මස 01 අයකිරීමට නියමිත වැට් බද්ද රුපියල් මිලියන 10 අඩු වටිනාකමක් සහිත් අනිවාස වලින් අය කරන්නේ නෑ.මද්‍යසාර නිෂ්පාදනයට සහල් භාවිතා කිරීමට අනුමැතිය ලබාදුන්නා කියලා. සහල්වලින් ස්ප්‍රීතු නිෂ්පාදනයට කිසිදු රජය විසින් අනුමතියක් ලබාදී නෑ. මෙයට මුලින් අවසර ලබාදී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ රජයයි.


2018 සුරාබදු අනුපාතය අනුව බදු අයකරන්න යෝජනා කළා.දැනට අනුමත් අකර ඇති අමුද්‍රව්‍ය සඳහා බද්දක් නියම කළා.2018 අයවැය නීල හරිත තේමාවක් යටතේ සකස් කර තියෙන්නේ. මුහුදු සම්පත් තිරසර ලෙස ඵලදායී ලෙස ජනතාව වෙත යෝදාගැනීමයි අරමුණ වී තිබෙන්නේ. තරුණ ව්‍යවසායකයින්ට මූල්‍ය සහන ලබාගන්න බැරි වුණා. රජයේ රැකියා බලපොරොත්තු වුනා. මේවැනි මානසික තත්ත්වයන් ආර්ථිකය විවෘත වුවත් අද වනතුරුතිබෙනවා. මේ අයවැය ලිහිල්කරණ ප්‍රතිපත්ති තුළින් වෙළඳපොල බාධක අඩු කිරීමට කටයුතු කරනවා. ගොවීන්ගේ දියණියන් ව්‍යාපාරික කාන්තාවන් වෙනවට අපි කැමැතියි. අපේ මුතුන් මිත්තන් ඉතා හොඳ වෙළඳුන් වුණා. අපි ගෝලීය වෙළඳපොළට විවෘත විය යුතුයි. රජය සෑම විටම අඩු වරප්‍රසාද ලත් අය රැක බලාගන්නවා.

සමාජ ආරක්ෂණය සහිත රජයක් වැදගත් වෙනවා. අයවැය තුළින් මෙවැනි ආරක්ෂණයන් ලබාදෙන්න විධිවිධාන සළසා තිබෙනවා.මෑත කාලයේ හොඳ සාකච්ඡ කළා.ශ්‍රී ලංකා සමාගම් පහක් නැව් සමාගම් සම්බන්ධයෙන් පාලනය කරනවා, මේ ක්ෂේත්‍ර ලිහිල්කරණයට සමාගම් විරුද්ධ වී තිබෙනවා.නැව් කටයුතු ලිහිල් කළ යුතු බව අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර තිබෙනවා. ආයතන කීපයක යහපත ගැන සිතීම යහපත් නෑ. එය නිසි නියාමනය තුළ සිදු කළ හැකියි.ස්වාධීන නියාමන යාන්ත්‍රණයක් පත් කළ යුතු බවට යෝජනාවක් තිබුණා. අයවැය වෙළඳ ලිහිල් කරණයට මඟපාදනවා.පසුගිය දසක දෙක තුළ අපනයනය බිද වැටුණා. ආර්ථික ලිහිල්කරණයේ එක්
පියවරක් වන්නේ පැරණි නීති සංශෝධනාය කිරීම.එවිට තරඟකාරී වෙලඳ රටාවක් සකස් කළ හැකියි.


අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනය සඳහා කරන වියදම් කිරීම වැදගත්. අසමත් වන සිසුන් සංඛ්‍යාව අඩු කරනවා. වසර 13ක් අධ්‍යාපයනයක් සඳහ ආයෝජනය කර තිබෙනවා.වෘඉත්තීය පුහුණුව ලබාදෙනවා.තරුණ ශ්‍රම හමුදාවක් සකස් කිරීමට වැඩි ආයෝජනයක් ලබාදෙනවා. උසස් අධයාපනයට අමතර උපාධි පාඨමාලා හඳුන්වා දෙනවා. නිවාස ග්‍රාමීය නිවාස සඳහා බිලියන 4ක් වෙන් කර තිබෙනවා. හිස් ගුවන්තොටුපලවල්වලට ආයෝජනය කරන්නේ නෑ.දේශීය ව්‍යවසාකයන්ට වැඩි අවස්ථා ලබාදීමටත් අපනයනය සඳහා වැඩි අවස්ථා ලබාදීමත් ප්‍රාග්ධන ආර්ථිකයට වැඩි තාක්ෂණයක් එක් කිරීමත් බලාපොරොත්තු වෙනවා.නීල හරිත ආර්ථිකයක් සඳහා සිද්ධාන්තමය පියවර ගෙන තිබෙනවා.

ජනමාධ්‍ය සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කළ හැකියි.අපි පිළිගත යුතුයි ශ්‍රී ලංකාව මුළු ලෝකයේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට යළි පරිවර්ථනය වී තිබෙනවා.දෝෂ මුක්ති දර්ශකයෙන් රට ඉවත් කර තිබෙනවා. එය විශාල ජයග්‍රහනයක්. ජනමාධ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීමට කටයුතු කරමින් යනවා.කිසිදු මාධ්‍ය ආයතනයකට වෙනස් කොට ස්ලකන්නේ නෑ. විවේචනය කරන පුවත්පත්වල රජයේ දැන්වීම් පළ වෙනවා.තරඟකාරි ලෙස වෙන වෙනම හැප්පුනත් ඩෙංගු උවදුර නැති කිරීමට එකතු වී කළ දැවැන්ත් මාධ්‍ය ප්‍රචාරය නිසා ඩෙංගු පාලනය කරන්න හැකි වුණා. සාමය හා සංහිදියා ගොඩනැගීමේ දී අප සමඟ අත්වැල් බැදගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මාධ්‍යවේදීන්ගේ දැනුම වර්ධනය කිරීමට කටයුතු කරනවා. සම්මුතියෙන් කටයුතු කිරීම අපේ අරමුණයි. සංඛ්‍යාත මහජන දේපලයි. ඒවා වගකිමෙන් භාවිතා කල යුතු බව හැඟීමයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය