Print this page

පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ දී කිසිදු අසාධාරණයක් කර නෑ

දෙසැම්බර් 09, 2017

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල පුරප්පාඩු පිරවීමේ දී එම පළාත්වල පදිංචිකරුවන්ට කිසිදු අසාධාරණයක් නොවන ආකාරයට කටයුතු කර ඇති බව සභානායක, උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

උතුරු නැඟෙනහිර පළාත්වල රජයේ ආයතනවල පවතින පුරප්පාඩු සඳහා එම පළාත්වලින් පිටත පදිංචි කරුවන් වෙත පත්වීම් ලබාදෙන බවට කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

ඒ අනුව යොමු කර ඇති අයදුම්පත් අතරින් ලිඛිත විභාගයක් හා සම්මුඛ පරීක්ෂණයක් මඟින් සුදුසුකම් පරීක්ෂ කර සුදුස්සන් විශාල පිරිසකට පත්වීම් ලබාදී ඇත.

ඒ යටතේ යාපනය විශ්වවිද්‍යාලයට 40ක් නැඟෙනහිර විශ්වවිද්‍යාලයට ට74ක් අග්නිදිග විශ්වවිද්‍යාලය 27ක් මාර්ග සංවර්ධන අධිකාරිය උතුරු පළාත 80ක් සහ මාර්ග සංවර්ධන අධිකාරිය නඟෙනහිර පළාත 151ක් වශයෙන් බඳවා ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.