Print this page

ජනතාවට සහයෝගයෙන් ජීවත්වීමේ වාතාවරණයක් ඇති කිරීමට ක්‍රියාමාර්ග රැසක්

දෙසැම්බර් 07, 2017

ගැටුම් ඇතිවීම වැළැක්වීමට ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවත් විවිධ ජනවාර්ගික හා විවිධ ආගමික ජනතාවට සහයෝගයෙන් ජීවත්වීමේ වාතාවරණයක් ඇති කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බවත් ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා පවසයි.

ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ අඳහස් දක්වමින් අද (7) පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමත්‍යවරයා මෙසේ පැවසී ය.

සාමය ප්‍රවර්ධනය සඳහා ආගමික සංස්කෘතික ජාතික විවිධත්වයට ගරු කරමින් සියලු පාසල්වල ගුරුවරු හා සිසුන් සහභාගී කරගනිමින් සාමය පැතිරවීමේ ක්‍රියකාරීන් ලෙස දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විවිධත්වයට ගරු කිරීම, බහු ආගමික හා සංස්කෘතික ක්‍රියාකරකම් හරහා සිසුන් දැනුවත් කර තිබෙනවා. සිසුන්ගේ හැකියා දැනුවත් කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවාඅ. .ජාතික ඒකාබද්ධතා අරමුණු කරගත් වැඩසටහන් විශ්වවිද්යාඅල මට්ටමින් ක්‍රියාත්මක කර තිබෙනවා. සාමය හා ප්‍රතිසන්ධානය ඇති කිරීමට ඔවුන්ගේ
හැකියා ප්‍රවාර්ධනය කර තිබෙනවා.ක්‍රීඩා, සංගීතය, කාටූන්, ඡායාරූප යොදා ගනිමින් දැනුවත් කිරීම් ප්‍රවර්ධනය කර තිබෙනවා.

ගැටුම් ඇතිවීම වැළැක්වීමට ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.විවිධ ජනවාර්ගික හා විවිධ ආගමික ජනතාවට සහයෝගයෙන් ජීවත්වීමේ වාතාවරණයක් ඇති කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා.

විවිධ ජනවාර්ගික හා විවිධ ආගමික කොටස් ඇතුළත් කමිටු පිහිටුවමින් තිරසර සාමයක් ඇති කිරීමට ක්‍රියාකර තිබෙනවා. මිතුරු පාසල් ඇතිකිරීම,ආගමික පාසල් ඇති කිරීමට ක්‍රියා කර තිබෙනවා.මාධ්‍ය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. සියලු දහම්පාසල් ගුරුවරු ඉලක්ක කරගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.දහම්පාසල් තුළ වැඩසටහන් ක්‍රියාත්මකකරමින් ආගමික අන්තවදය පිළිබඳ ආකල්ප වැලැක්වීමට කටයුතු කර තිබෙනවා. දහම්පාසල් ගුරුවරු 4000ක් දැනුවත් කළා. ජනාධිපතිතුමා  සහ අග්‍රාමාත්‍යතුමා  මාර්ගෝපදේශයක් ලබාදෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.