Print this page

අමාත්‍යාංශ හතරක විශේෂ කාරක සභා වර්තා සළකා බැලීමේ විවාදය අද

දෙසැම්බර් 07, 2017

විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසි දෙවැනි වෙන් කළ දිනය (07) අදයි. විශේෂ කාරක සභා වර්තා සළකා බැලීමේ විවාදය අද පැවැත්වෙයි.

ඒ අනුව කඳුරට නව ගම්මාන,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ යටතේ විශේෂ කාරක සභාවට යොමු කළ වැයශීර්ෂ විවාදයට ගැනේ.