Print this page

ජනපති එප්පාවල සමූපකාර සමිති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ...

අගෝස්තු 13, 2017
එප්පාවල සමූපකාර සමිති පරිශ්‍රය වෙත ඊයේ (12) දහවල් ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමා එහි සැපයුම් නිලධාරියෙකු ලෙස සේවය කළ අවධියේ තමන් සමග කටයුතු කළ හිතවත් සේවකයින් හමුවී සුහද කථා බහක නිරත විය.
සමූපකාර සමිතියේ සභාපති සරත් චන්ද්‍රසේකර මහතා විසින් ද විශේෂ සිහිවටන තිළිණයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා එහි සේවය කළ කාලයට අදාළ පෞද්ගලික ලිපිගොනුව ද සභාපතිවරයා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සුවිශේෂී සිදුවීමක් විය.
( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )