Print this page

සමෘද්ධි සහනධාර හිමි අයගේ කිසිදු වෙනසක් සිදුවන්නේ නෑ - අමාත්‍ය එස්.බී. දිසානායක

අගෝස්තු 11, 2017

සමෘද්ධි සහනධාර හිමි අයගේ කිසිදු වෙනසක් සිදු නොවන බවත් දැනට සමෘද්ධි සහනධාර ලබන අය සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙලින් ඉවත්වීමක් සිදු නොවන බවත් සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (11) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. සමෘද්ධි සහනාධර සම්බන්ධයේ ඊයේ (10) පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ප්‍රශ්නය යොමු කර තිබුණි.

මෙහිදී පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා;

දැනට සමෘද්ධි සහනධාර හිමි අයගේ කිසිදු වෙනසක් නෑ. දැනට සමෘද්ධි සහනධාර ලබන අය සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙලින් ඉවත්වීමක් වෙන්නේ නෑ. සමෘද්ධි සහනාධාරලාභීන් කිසිම ලෙසකින් අඩු වෙන්නේ නෑ. මේ රජය සහනාධාර සඳහා ලබාදෙන බිලියන 41න් සතයක් අඩුවෙන්නේ නෑ. ලබන වසරේ 15 -20% කට සහනාධාර ප්‍රමාණයේ වෙනසක් වෙයි.

මේ සමීක්ෂණය 2015 මාර්තු අමාත්‍ය මණ්ඩලය ගත් තීන්දුවක්. මේ ගැන සංඛ්‍යාලේඛන විද්‍යාඥයන් සමඟ සාකච්ඡා කළා.නිර්ණායක හැදුවා. නිලධාරීන් පුහුණු කළා. මේ පිළිබඳව ප්‍රසිද්ධ කළා.ලක්ෂ අටහමාරක් පමණ අලුතින් සහනධාර ඉල්ලා තිබුණා. මේ ලකුණු අනුව තේරීම කර තිබෙනවා.වරදක් සිදු වී තිබෙනවා නම් එය නිවැරදි කරාවි.දෙසැම්බර් මස වනවිට සහනාධාරලාභීන්ගේ ලැයිස්තුව එළියට දානවා. සහනාධාරලාභීන්ගේ ප්‍රමාණයේ යම් වැඩිවීමක් වෙයි.සහනාධාරයෙන් දුප්පත්කම නැතිකරන්න බෑ. ශක්තිමත් බැංකු ජාලයක් තිබෙනවා.   යැයි ද අමාත්‍යවරයා පැවසී ය.