Print this page

කුඩා තේ වතු පොහොර සහනාධාරය නියමිත පරිදි ලබාදෙනවා

අගෝස්තු 11, 2017

කුඩා තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාරය නියමිත පරිදි ලබාදෙමින් පවතින බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මේ වනවිට ගොවීන් 244390 දෙනෙකු සඳහා පොහොර සහනාධාරය ලබාදී ඇත. ගොවීන් 122610 දෙනෙකු සඳහා පොහොර සහනාධාරය ලබාදීමට නියමිතය. 2016 වර්ෂයේ දී මෙරට මුළු කුඩා තේවතු හිමියන් සංඛ්‍යාව 393420කි. ඒ අතරින් 80%ක් අක්කර 2ට අඩු තේවතු හිමියන් ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා මතු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (11) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසි ය.