Print this page

ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය සුහුරු පද්ධතියක් බවට පත් කරනවා

අගෝස්තු 11, 2017

ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය සුහුරු පද්ධතියක් බවට පත් කිරීමට රජය විසින් කටයුතු කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා අද (11) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි

 

බිද වැටීම්වල ප්‍රතිසංස්කරණය වේගවත් කිරීම. සම්පූර්ණ ආයෝජනය ඇමේරිකානු  ඩොලර් මිලියන 169ක්. බෙදා හැරීමේ අංශය සඳහා මෙය නිමකරන්න අපේක්ෂා කරන්නේ 2020 දීයි.සුහුරු මනු සම්පූර්ණයෙන් ම ලංකාවේ දීම නිෂ්පාදනය කරනවා.


සුහුරු පද්ධතියක් බවට පත් කිරීම මඟින් බිද වැටීම් වැලැක්වීම,විදුලි පද්ධති ආරක්ෂණය,ජාල බිද වැටීම් අඩුවීම බෙදා හැරීම් ජාලය බිඳවැටීම් අඩු කිරීම නිවැරැදි බිල්පතක් ලබාදීමට හැකිවීම ප්‍රතිලාභ වශයෙන් ලැබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

ජනන පද්ධතිය,බෙදාහැරීම් පද්ධතිය වඩා කාර්යක්ෂමව ගෙන යන්න හැකි වෙනවා. ලාභය වගේම පාරිභෝගික සංතෘප්තිය ඇති වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.