Print this page

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු ජනපති ප‍්‍රධානත්වයෙන්

ජූලි 17, 2017

මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු අද (17) පෙරවරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එම රෝහලේදී සිදු කෙරිණි.

නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ හිමිකරු වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් ජනක සුගතදාස මහතා ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.

ඒ අනුව අගෝස්තු 01 දා සිට මෙම රෝහල රජයේ රෝහලක් ලෙස කි‍්‍රයාත්මක කෙරේ.

ශික්ෂණ රෝහලකට අවශ්‍ය සියලූ පහසුකම්වලින් සමන්විත මෙම රෝහල රුපියල් බිලියන 3.5 ක වටිනාකමකින් සමන්විතය.

අක්කර 05 ක භූමිභාගයක හරිත සංකල්පය අනුව ගොඩනගා ඇති නෙවිල් ප‍්‍රනාන්දු රෝහල වර්ග අඩි 180,600 කින් යුක්තවන අතර මහල් 04 කින් යුත් ගොඩනැගිල්ලක් සහ මහල් 08 ක ගොඩනැගිලි දෙකකින් මෙය සමන්විතය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න,උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කසීම් යන මහත්වරුන් ද වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

nevill1