Print this page

ශ්‍රී ලංකා - බංග්ලාදේශ ආයෝජන සමුළුවට ජනපති එක්වෙයි.

ජූලි 15, 2017

ශ්‍රී ලංකාවේ නව ආයෝජන සහ වෙළෙද අවස්ථාවන් විමසා බැලෙන විශේෂ ආයෝජන සමුථවක් ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ ආයෝජකයින්ගේ මෙන්ම ව්‍යාපාරිකයින්ගේ සහභාගිත්වයෙන් අද (15) පෙරවරුවේ ඩකා අගනුවරදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ පිරිවැටුම වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 142 ක් වන අතර එය ඉදිරි වසර කිහිපය තුළ තෙගුණයකින් ඉහළ නංවාගැනීම පිළිබදව දෙරටේ නායකයින් මීට පෙරදී ඇති කර ගත් එකගතාවය පිළිබදව ද මෙම සමුඑවේදී අවධානය යොමුවිය.

එමෙන්ම ගෑස්, බැංකු, හා ඇගළුම් ආදී ක්ෂේත්‍ර ගණනාවක ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් මේ වන විට බංග්ලාදේශයේ ආයෝජන සිදු කර තිබෙන අතර එම ක්ෂේත්‍රවල තවදුරටත් විවරව ඇති ඉඩ ප්‍රස්ථා පිළිබඳ  මෙහිදී අනාවරණය විය. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ද ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ආයෝජනයන් සඳහා පැමිණෙන ලෙස  ද බංග්ලාදේශ ආයෝජකයින්ට මෙහිදී ආරාධනා කෙරිණි.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සහ බංග්ලාදේශ විදේශ අමාත්‍ය abdul Hassan mahmood ali මහතා  ද සමුළුව ඇමතූහ.