Print this page

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම මගින් ගුවන් හමුදාවට ගිනි නිවන රථයක්

ජූනි 19, 2017
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ඉල්ලීම පරිදි ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා රුපියල් ලක්ෂ 450 ක් වටිනා ගිනි නිවන රථයක් සහ රුපියල් ලක්ෂ 350 ක් වටිනා නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථයක් පරිත්‍යාග කර තිබෙන අතර එය නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී  සිදු විය.
 
ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ සභාපති ආචාර්ය ලාල් තිලකරත්න මහතා සහ එරංගා තිලකරත්න මහත්මිය විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ද මෙම අවස්ථාවට එක් විය.