Print this page

පොලොන්නරු දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

අප්‍රේල් 18, 2017

පොලොන්නරු දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ දී අද (18) පෙරවරුවේ පැවැත්විණි.

මේ අවස්ථාවට  පොළොන්නරු ගල්විහාර භාරකාර පුජ්‍ය කන්දකැටියේ අත්තදස්සී ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පා.ම සිඩ්නි ජයරත්න, පා.ම නාලක කොළොන්නේ යන මහත්වරුන් ඇතුඑ පළාත් මැති ඇමතිවරුන් ද පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුඑ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.