නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩිහිටියන් වෙනුවෙන් ඉදිකෙරුණු "අම්මා තාත්තා නිවහන" ජනපති අතින් ජ්‍යෙෂ්ඨ පුරවැසි අයිතියට

    ජූනි 14, 2015

    A He  1බත්තරමුල්ල පැලවත්තේ ඉදිකෙරුණු "අම්මා තාත්තා” නිවහන ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත ඊයේ ( 13) පස්වරුවේ පිරිනමන ලදි.

    මෙම නිවස ඉදිකර ඇත්තේ ආචාර්ය උපාලි වික්‍රමසේකර මහතා සහ එම මැතිණියගේ ධන පරිත්‍යාගයෙනි. වසර 55ක් විදේශගතව සේවය කර ඇති ආචාර්ය උපාලි වික්‍රමසේකර මහතා යළි මෙරටට පැමිණිමෙන් පසු ඉදිකළ මෙම නිවස සිය ජිවිතයේ සැදෑසමයේ පිළිසරණක් අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙන් කිරිමට කටයුතු කර ඇත. මෙම නිවහනේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 30 දෙනෙකුට පමණ නවාතැන් පහසුකම් සැලසිය හැක.


    මෙම අවස්ථාවට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, පූජ්‍ය කිරම විමලජෝති හිමි ඇතුළු හිමිවරුන්ද අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන,දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානයක්කාර,කඩුවෙල නගරාධිපති ජී.එච් බුද්ධදාස,ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත යන මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වී සිටියහ.

    a he 3


    ( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya